Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඊලෝන් මස්ක්: 2021 වසරේ මිනිසා

ලෝකයේ දැනට තිබෙන වැඩි ම වටිනාකමකින් යුතු රථවාහන සන්නාමයක් වගේ ම, ලෝකයේ විදුලි වාහන වෙළඳපොළ තුළ තුනෙන් දෙකක් ම අයිති ව ඇත්තේ Tesla සමාගමට යි. මිනිස් ඉතිහාසයේ ලෝක අභ්‍යවකාශ මං පෙත වෙනස් කළ SpaceX, විකල්ප බලශක්තිය පිළිබඳ පර්යේෂණ කරන Solar City වැනි පෙරළිකාරී ආයතන රැසක හිමිකරු වන ලෝකයේ දැනට සිටින ධනවත් ම මිනිසා බවට පසුගිය කාලයේ පත් වූ  ඊලෝන් මස්ක්, Time සඟරාව 2021 වසරේ මිනිසා ලෙස පසුගිය දා නම් කළා.

පෘතුවියේ සිට අඟහරු ජනාවාස කිරීම ගැන සිහින දකින්නකු ලෙසත්, සිහිනයකින් එහාට එවැනි අපූර්ව ව්‍යාපෘති ආරම්භ කරන, අසමත්වීම්වලින් ඉක්මනින් නැඟී සිටින කෙනකු ලෙසත් මොහු ප්‍රසිද්ධියක් උසුලනවා. Time සඟරාව මේ ගත් තීරණය ගැන දැඩි විවේචන දැනටමත් එල්ලවෙමින් පවතිනවා. ඒ චෝදනා බොහොමයකට හේතු වෙන්නේ ඔහුගේ ම ක්‍රියාකලාපය බව තමයි චෝදනා එල්ල කරන්නන්ගේ මතය වෙන්නේ. 

 ඊලෝන් මස්ක් වෙනුවෙන් වෙන් වුණු ටයිම් සඟරාවේ කවරය – time.com 

 

කවුද මේ ඊලෝන් මස්ක් කියන්නේ? 

Elon Reeve Musk (ඊලෝන් රීව් මස්ක්) මෙලොව එළිය දකින්නේ 1971 ජුනි 28 වෙනිදා දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නගරයේ දී යි. ඔහුගේ මව (Maye Musk)  කැනේඩියානු ජාතික මෝස්තර ශිල්පිනියක හා පියා (Errol Musk) ඉන්ජිනේරුවරයකු වෙනවා. ඔහුට තවත් සහෝදරයකු හා සහෝදරියක සිටිනවා. කුඩා කාලයේ සිට ම නවෝත්පාදන කෙරෙහි සිත යොමු වුණ ඊලෝන්, වයස අවුරුදු 10 දී පමණ පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමට ඉගෙන ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස අවුරුදු 12 දී ඔහුට ‘බ්ලාස්ටර්’ නමැති පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීමට හැකි වෙන්නේ.

ඔහුගේ පාසල් කාලය එතරම් සුන්දර එකක් වන්නේ නම් නැහැ. අවුරුදු 17 වන විට (1989) අධ්‍යාපනය ලැබීමට කැනඩාව බලා ගොස් කූයින්ස් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන ඔහු, කැනේඩියානු පුරවැසිභාවයත් ලබා ගන්නවා. තවදුරටත්, පෙන්ස්ලවෙනියා විශ්වවිද්‍යාලය වෙත ද යොමු වන ඔහු පශ්චාත් උපාධිය ලබා ගැනීමට කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන අතර, තම පළමු ව්‍යාපාරය ඇරඹීම පිණිස ඔහු එයින් නික්මෙන්නේ 1992 දී යි.

ඔබට අද වෙද්දී හොඳින් ම සමීප Paypal ආරම්භ කරන්නේ ඔහු බව ඔබ දන්නවද? ඔහු X.com නමින් ඇරඹි මේ අන්තර්ජාලය හරහා මුදල් ගෙවීම් කිරීමට හැකියාව ලබාදෙන payment gateway වැඩසටහන පසුකාලයක Ebay ආයතනය අමෙරිකානු ඩොලර් මිලියන 1.5 කට මිලදී ගන්නවා. එයින් තමයි මේ තරුණ මස්ක් ඔහුගේ පළමු බිලියනය උපයන්නේ. 

Tesla motors සහ Spacex

කොහොම නමුත් මස්ක් ලෝක ප්‍රකට වෙන්නට හේතු වෙන්නේ ඔහු 2003 ඇරඹි  Tesla motors ආයතනය සහ  2008 වසරේදී ආරම්භ කළ Spacex ආයතන යි. ඉතිහාසයේ පළමු වරට පුද්ගලික සමාගමක් අභ්‍යවකාශ ගත කළ රොකට්ටුව ලෙස ඉතිහාසය අලුතින් ලියමින් 2012 මැයි 22 වන දින ‘ෆැල්කන් 9’ රොකට්ටුව අභ්‍යවකාශ ගත කරන්නේ Spacex සමාගමෙන්. අද වෙද්දී විදුලි මෝටර් රථ වෙළඳපොළ තුළ තුනෙන් දෙකක් වගේ ම ලෝකයේ වැඩිම වටිනාකමකින් යුතු වාහන සන්නමයක් වෙන්නටත් Tesla motors සමත් ව සිටිනවා.

ඊට අමතර ව Solar City, Boring company, නගර දෙකක් යා කරන පැයට කිලෝ මීටර්  700ක වේගයකින් ගමන් කරන Hyperloop අධිවේගී දුම්රිය මාර්ග ක්‍රමය, මොළය කෙළින් ම පරිගණකය වෙත සම්බන්ධ කරන Neuralink ඔහුගේ ප්‍රසිද්ධ ව්‍යාපෘති ලෙස හඳුන්වන්නට පුළුවන්. ඊට අමතර ව Musk electric jet එකත් ඔහුගේ ව්‍යාපෘතිය. මේ වන විට ඊලෝන් මස්ක් ගේ වත්කම්වල ශුද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 297 ක් පමණ වෙනවා.

ඊලෝන් මස්ක් සහ ඔහුගේ පුත්  X AE A-12 – time.com 

 

චෝදනා සහ ගැරහීම් 

කාලයෙන් කාලයට පුවත් මවන්නකු ලෙස ප්‍රකට මොහු ජනතා අප්‍රසාදයට පත් වන්නේ එකවාරයක් දෙවාරයක් නම් නෙමෙයි. විශේෂයෙන් ගෙවිය යුතු නියමිත බදු ප්‍රමාණය පැහැර හැරීම හෝ අඩුව ගෙවීම, කොරෝනා වසංගත සමයේ වැක්සීන වැඩසටහන් පිළිබඳ ව කළ විවේචන සහ මිනිසුන් එය ලබා ගැනීමට අධෛර්යමත් කිරීම වැනි ක්‍රියා වගේම කොරෝනා වසංගතය දරුණු කාල වකවානුවේ තම ආයතන වසා නොතබා සේවකයන් වැඩ සඳහා කැඳවීම වැනි දේ මේ ජනතා අප්‍රසාදයට පත්වීමේ  ලයිස්තුවේ උඩින්ම තියෙනවා. 

ඊට අමතර ව තම සමාජ මාධ්‍ය භාවිත කරමින් විවිධාකාර ආර්ථික තත්ත්වයන් උඩුයටිකුරු කිරීමේ කුප්‍රකට හැකියාවක් ඔහු සතු වෙනවා. විශේෂයෙන් ඔහු Doge crypto පිළිබඳ ව සිදු කළ ප්‍රකාශයන් නිසාඑහි මිල ගණන්  විශාල ලෙස ඉහළ යන්නට පටන් ගත්තා. ඊට අමතර ව ඔහු Signal වැනි ප්‍රකට පණිවිඩ හුවමාරු apps ගැන සිදු කළ ප්‍රකාශ නිසා ඒවා අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. ඔහු මේ 2021 වාසරේ මිනිසා ලෙස නම් කිරීම පිළිබඳව අප්‍රසාදය පළ කරන බොහෝ දෙනෙක් කියන්නේ ඔහු තම සමාජ මාධ්‍ය සහ පක්ෂපාති මාධ්‍ය ආයතන සහ සමාජ ජාලා සාමාජිකයන් භාවිත කරමින් මෙය හිමි කරගත් බව යි. 

ටයිම් සඟරාව මේ පිළිබඳව දක්වන අදහස වෙන්නේ වෙනස් එකක්. ඔවුන්ට අනුව වසරේ මිනිසා ලෙස සිදු කෙරෙන නම් කිරීම හුදෙක් නාම මාත්‍රික වන අතර එය ඒ පුද්ගලයා පිළිබඳ ව සහ ඔහු සිදු කළ සේවය පිළිබඳ ව ලෝකයට ගෙන හැර දැක්වීමට සිදු කරන ක්‍රියාවලියක් පමණක් බවයි ඔවුන් සඳහන් කරන්නේ. පසුගිය වසරේ මේ නම් කිරීමට හිමිකම් කිව්වේ අමෙරිකානු බලවතුන්  දෙපළක් වන ජෝ බිඩන් සහ කමලා හැරිස් දෙදෙනා යි. 

මස්ක්ට අමතර ව මේ වසරේ ටයිම්ස් ලැයිස්තු ගත කිරීම්වල HEROES of the year Vaccine Scientists, ATHLETE of the year Simone Biles, ENTERTAINER of the year Olivia Rodrigo යන අය ද අන්තර්ගත වුණා. 

මස්ක් හා සබැඳි තවත් ලිපි පහතින් කියවන්න.

මිනිස් හැඩ ඇති රොබෝවරයා Elon Musk ගේ Tesla Bot

මොළය කෙළින්ම පරිගණකය වෙත සම්බන්ධ කරන Neuralink

ඔට්ටුවකින් දිනන්න Tesla හදපු ලොව ලොකුම Lithium-Ion බැටරිය

කවරයේ ඡායාරූපය- ඊලෝන් මස්ක් -Time.com  

මූලාශ්‍ර:

Time.com 

Theguardian.com 

Dailymail.co.uk  

Related Articles