නව කොරෝනා වෛරසය හා සම්බන්ධ සිදුවීම් කියන්නේ, අද වන විට මුළු මහත් ලෝකයේම අංක එකේ මාතෘකාව බවට විවාදයක් නැත. SARS-CoV-2 ලෙසට මෙම වෛරසය නම් කර ඇති අතර, ඒ මඟින් ඇති කරන රෝගය කොවිඩ්-19 ලෙස හඳුන්වයි. ලෝකයේ සෞඛ්‍ය, සමාජයීය, ආර්ථික, සංස්කෘතික, පාරිසරික මෙන්ම දේශපාලන ගැටළු රාශියකට මඟ පාදා ඇති, පියවි ඇසට නොපෙනෙන කොරෝනා වෛරසය නිසා බලපෑමට ලක් නොවූ ක්ෂේත්‍රයක් ලොව කොහෙවත් නැති තරම් ය.