ගුවන් නියමු අභිනන්දන්ව අභිනවයෙන් පිළිගත් ඉන්දියානුවන්
පාකිස්තානයේ දී එරට හමුදා ප්‍රහාරයට ලක් වූ ඉන්දියානු මිග්-21 යානය කඩා වැටෙන නමුත් එහි නියමුවා වන අභිනන්දන්ගේ ජීවිතය ගැලවෙනවා. පසුව පාකිස්තානුවන පිරිසක් ගුවන් නියමුවාට පහර දෙන වීඩියෝවක් ද පාකිස්තානු හමුදා සාමාජිකයින් ඔහුගෙන් ප්‍රශ්න නගන වීඩියෝවක් ද අන්තර්ජාලයේ සැරිසරනු දකින්න ලැබුණා. අන්තර්ජාතික යුද නීතියට ගරු කරමින් එම යුධ සිරකරුවා නැවතත් ඉන්දියාවට භාර දීමට පාකිස්තානය පසුගිය දා තීරණය කරනවා.