Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කලවානේ ගිහින් නොබලන තැන්

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි කලවාන කාලෙක ඉඳන් මැණික්වලට ප්‍රසිද්ධ තරමක් පිටිසර ප්‍රදේශයක්. පැරණි බෙදීම් අනුව මෙය අයත් වන්නේ කුකුළු කෝරළයට. කුකුළු කෝරළයට ඉස්සර කිව්වෙ දික්ගම්පොත කෝරළේ කියලා යි. සිංහරාජ වනය ඇතුළත්ව ගෙදගල කන්ද, නැගිරිකන්ද, මානාන කන්ද, ගලඋඩ කන්ද, තපස්වර කන්ද , ඉළුඹකන්ද, ගවරගිරියේ මානෙල් ගල්ලෙනත් ඇතුළු ඉතා දැකුම්කළු සුවිශේෂි ස්ථාන රාශියක්ම පිහිටා ඇති වනගත ප‍්‍රදේශයක්.

article

පොදු මහජනයාගේ සිත් ගත් මල් සිංදුවේ ගති සොබාව

ඩේලියා මල, දෙහි මල, අරලියා මල, රතු රෝස මල, දෙළුම් මල ආදී මල් මූලික කරගත් ගීත පසුකලෙක මල් සිංදු නමින් ලේබල් විය. ඒ මල් සිංදු සුභාවිත ගීත අසන සම්භාව්‍ය රසිකයින් සුළුතරයකගේ සිනහවට ලක්වුවත්, බහුතර ජනයා අතර මල් සිංදු සහ ඒ මාදිලියේ ගීත ජනප්‍රිය විය. වර්ථමානයේ අන්තර්ජාලය පැමිණීමත් සමග මියුසික් වීඩියෝ එකක් එළිදැක්වීමට වැඩි මහන්සියක් නැත. එමනිසා විවිධ තාලවලට ගැයුනු, අමුතු ආකාරයේ රූපන ගීත අපට අද දකින්නට තිබේ. එහෙත් අපේ කණට හුරුපුරුදු මල් සිංදු තාල, මුල දී අකමැති වුවත් පසුව හෝ අපගේ සිත් සතන් වෙලා ගනී. එයට හේතු වන්නට ඇත්තේ මේ මේ කරුණුය යන්න අපගේ අදහස වෙනවා.

article

ජේ.ආර්. සහ ජපානය

දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමෙන් එරට අන්ත අගාධයට වැටුණි. සාගත පැතිරී ගොස් සෑම නිවසක්ම පාහේ දරිද්‍රතාවයට ගොදුරු වී සිටියේය. මිනිසුන් දශ ලක්ෂ ගණනින් අනාථ විය. ජපානය යුද්ධය ජයගත් මිත්‍ර පාර්ශවයේ රටවල්වල පයට පෑගී සිටියේය.

article

චීනයේ ජනගහනය පාලන ප්‍රතිපත්තියේ විකාශය

චීනය කියන්නේ ලෝක ජනගහනය​ට විශාලම දායකත්වය දක්වන රට. නමුත් චීනය සැලකෙන්නේ තමන්ගේ ජනගහනය​ පාලනය අදාලවන විශාල නීති රාමුවක් සහිත රටක් ලෙසයි. මේ අපි ඔබට කියන්න යන්නේ චීනයේ ජනගහනය​ පාලනය වන ආකාරය ගැනයි. 2019 වසර වනවිට මේ ප්‍රතිපත්තිය අවසාන වනු ඇති. මේ ඒ විශාල කරුණු ප්‍රමාණයක සංක්ෂිප්ත සටහනක්.

article

හර්කියුලීස්ගේ වැඩ දොළස

මහා දෙවිවරු පෘථිවියට ආපු කාලයේ ග්‍රීසියේ හෙ‍රැක්ලීස් නම් වීරයෙකු හිටියා (රෝමකයින් මොහුව දන්නේ “හර්කියුලීස්” යන නමින්). ග්‍රීක මහා දෙවි සූස්, ඇල්ක්මිනි නම් මනුෂ්‍ය කාන්තාව හා සහවාසයෙන් ඉපදෙන හෙ‍රැක්ලීස් අර්ධ දෙවියෙක්. සිය පුරුෂයාගේ කාම මිථ්‍යාචාරයේ ප්‍රතිඵලය වූ හෙ‍රැක්ලීස් කෙරෙහි දෙවියන්ගේ ‍රැජිණ වූත්, සූස්ගේ භාර්යාව වූත් හීරා දෙවඟනට තිබුණේ තදබල වෛරයක්. ඈ විසින් වරක් හෙ‍රැක්ලීස්ව තාවකාලික උමතු තත්ත්වයකට පත්කරවන අතර, හෙ‍රැක්ලීස් අවසිහියෙන් සිය බිරිඳවත්, දරුවන් දෙදෙනාවත් මරා දමනවා. තමන් කළ අපරාධය වැටහීමෙන් පසු දරුණු සිත්වේදනාවට පත්වෙන හෙ‍රැක්ලීස් ඩෙල්‍ෆිහි අනාගතවක්තෘවරිය හමුවන්නට යන්නේ සිය වරද සමාකරගන්නේ කෙසේද යන්න දැනගැනීමේ අරමුණෙන්.

article

නේපාලයේ සමරන උත්සව කිහිපයක තතු

ලෝකයේ සෑම රටකම පාහේ ඔවුනටම ආවේණික වූ උත්සවයන් ඇති අතර, ඔවුන් ඒවා මහත් හරසරින් සමරනු ලබයි. එම රටවල පවතින ආගමික හා සංස්කෘතික විශ්වාස ඊට සෘජුවම බලපායි. නේපාලය යනු ආගමට ලැදි, ආගමික වතාවත් මහත් කැපවීමෙන් ඉටුකරනු ලබන රටකි. ඔවුන් ආගමික උත්සවයන් බොහොමයක් සමරනු ලබන අතර, මෙම උත්සවයන් ලෝකයේ අවධානය ද දිනාගැනීමට සමත් වී තිබේ. එකී උත්සවයන් කීපයක තතු ය මේ.

article

ලොව විෂ වැඩිම සර්පයන් කිහිපදෙනෙක්

ලොව විෂ වැඩිම දේවල් අතර සර්පයන්ට ලැබෙන්නේ ඉහළම තැනක්. සාමාන්‍යයෙන් මොවුන්ගේ විෂෙහි උග්‍ර බව මැනෙන්නේ LD/50 (LD50 යනු එය අත්හදාබැලෙන නියැඳියෙන් 50%ක් හෝ ඊට වඩා මරණයට පත් කරන විෂ ප්‍රමාණයක් වේ) නම් පරිමාණයකින්. මේ විෂ අනුව ලොව ඉහළින්ම රැඳෙන සර්පයන් කිහිප දෙනෙක් (පිළිවෙලකට නොවේ).

article

ඕස්ට්‍රේලියා හමුදා අන්ත පරාජයක් ලැබූ ‘මහා ඉමියු සංග්‍රාමය’

ලොව පුරා එදා මෙදා තුර ඇතිවූ මහා යුද සංග්‍රාමයන් පිළිබඳව නිරන්තරයෙන් අප අසා ඇත. ඒ අතර ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් ලෙස ‘මහා ඉමියු සංග්‍රාමය’ හමුවේ. විශේෂත්වය නම් මෙය මිනිසුන්-මිනිසුන් අතර ඇතිවූ යුද්ධයක් නොවීම යි. මේ ඕස්ට්‍රේලියාවේ හමුදාවන් සහ ඉමියු පක්ෂීන් අතර ඇතිවූ ගැටුමක කතාව යි.

article

End of Articles

No More Articles to Load