Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පාපන්දු ලෝක කුසලානයේ විරෝධතා දැක්වූ “පුසී රයට්” කණ්ඩායම​

පසුගිය දා අවසන් වූ පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වෙන අතරතුර විරෝධතාකරුවන් සිව් දෙනෙකු මොස්කව්හි ලුෂ්නිකි ක්‍රීඩාංගණය වෙත කඩා වැදුණා ඔබ දකින්න ඇති. මෙම විරෝධතාව පිළිබඳ වගකීම “පුසී රයට්” නම් සංවිධානය විසින් බාරගනු ලැබුණා. ඔවුන් ගැන නැවත කතාබහක් ඇති වුණේ කාලයකට පසුව යි.

article

කියුබානු විප්ලවයේ ජයග්‍රහණය

මොන්කාඩා බැරක්කයට එල්ල කළ අසාර්ථක ප්‍රහාරයත් සමග​ බොහෝ
විප්ලවකරුවන් ප්‍රමාණයක් මරා දමන අතර පසුව අසු වූ කැස්ත්‍රෝ සහෝදරයන්
දෙදෙනා හා අනෙකුත් නායකයන් වසර ගණනාවකට සිර ගත කිරීමට අධිකරණය
විසින් තීරණය කරනවා. ඒ පිළිබඳව තොරතුරු පසුගිය ලිපියෙන් ගෙන ආ අතර අද
දිග හැරෙන්නේ හිරෙන් නිදහස්ව මෙක්සිකෝවට පිටුවහල් කරන කැස්ත්‍රෝ ඇතුළු
පිරිස නැවතත් හොර රහසේ කියුබාවට පැමිණ සන්නද්ධ අරගලයක් තුළින් බැටිස්ටා
පාලනය පරාජය කර කියුබානු විප්ලවය ජයගත් ආකාරය පිළිබඳවයි.

article

අයින් කරපු පරණ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක යළි පාවිච්චියට ගමු

අද වෙළඳපොළට සාපේක්ෂව ස්මාට් දුරකතනයක ආයු කාලය උපරිම වසර 3කට සීමා වෙනවා වගේම එය ඉක්ම යත්ම දුරකතනයත් ක්‍ර‍ම ක්‍ර‍මයෙන් slow වී අභාවිත තත්ත්වයට පත් වෙනවා. කුණු කොල්ලයටවත් විකුණාගන්න බැරිව ගෙදර ගොඩ ගැසුණු පැරණි ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට නව ජීවයක් ලබාදී එය හැකි පමණකට හෝ පාවිච්චියට ගත හැකි නම් අඩු තරමේ එය දැනට තිබෙන එකට අමතරව backup phone එකක් වශයෙන් පාවිච්චි කළ හැකියි. විද්‍යුත් අපද්‍ර‍ව්‍ය ගොඩගැසෙන සමයක එයට ද පිළියමක් ලෙස පරණ එක හදාගත්තොත් ඒ ෆෝන් එක ළමයෙක්ට දෙන්න වුණත් පුළුවන්.

article

කියුබානු සන්නද්ධ අරගලයේ පළමු නැගිටීම​ – මොන්කාඩා ප්‍රහාරය

ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගත් කියුබාව ඉන් අනතුරුව ඇමරිකානු පාලනයට නතු වෙනවා. ඔවුන් කියුබාව යටත් කරගෙන නොසිටියත් ඔවුන්ට හිතවත් පාලනයක් කියුබාව තුළ නිර්මාණය කිරීමට ඇමරිකානු රජය තම බලය යෙදවීම මෙහිදී සිදු වුණා.

article

තායිලන්තයේ වැඩිම කලක් රජකම් කළ භූමිබෝල් අදුල්යාදේජ් රජු

තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජු තායිලන්තයේ වැඩිම කාලයක් පාලනය ගෙන ගිය රජු ලෙස ඉතිහාසයට එක් වුණා. චක්‍රී නමැති රාජවංශයේ නව වැනි රජු බවට පත් වූයේ මෙතුමායි. වයස අවුරුදු 18 දී රජ බවට පත් වූ භූමිබෝල් රජු වර්ෂ 1946 සිට 2016 වසරේ මිය යන තුරුම පාලනය ගෙන යනු ලැබුවා.

article

කිසිවෙක්ව විශ්වාස නොකළ ආඥාදායකයා: ජෝෂප් ස්ටාලින්

රුසියාවේ මොස්කව් අගනුවර සිට කිලෝමීටර් 1900ක් දුරින් තිබෙන ජෝර්ජියාව සාර්වාදී රුසියාව විසින් යටත් කරගෙන සිටින සමයේ, ජෝර්ජියාවේ ගෝරි නගරයේ ඉතා දිළිඳු පවුලකට 1878 දෙසැම්බර් 18 වනදා පිරිමි දරුවකු උපත ලැබීය. දෙමව්පියන් ඔහුට නම් තැබූයේ යෝසිෆ් විසාරියෝනොවිච් හූගාෂ්විලි ලෙස යි. මේ දරුවා දිනක ලෝක ඉතිහාසය වෙනස් කිරීමට දායක වන, විරුද්ධවාදීන් භීතියෙන් භීතියට පත්කරන පාලකයකු වන බව සිතීමට කිසිවෙකුට හේතුවක් නොවීය. ලෝකය මේ දරුවා පසු කලෙක හඳුනාගන්නේ ජෝෂප් ස්ටාලින් යනුවෙනි. ඈත යටත් විජිත රාජ්‍යයක උපන් කොලුවෙක් එතරම් දුරක් ගියේ කෙසේ ද? එය සොයාබැලීම වටී.

article

හදිසියේ සමුගත් ලක් රූ රැජිණ: රමණී බර්තොලමියුස්

විජය ධර්ම ශ්‍රීගේ භාග්‍යා ටෙලි නාට්‍යය 80 දශකයේ ඉතා ජනප්‍රිය වූ නිර්මාණයක්. එහි “ආජු තපර ලාහිලා, බීජු තපර ලාහිලා” නම් ගීතය ගායනා කරමින් රංගනයේ යෙදුණේ රමණී බර්තොලමියුස් නම් සුරූපී නිළිය යි. එහෙත් ඇයට තම රංගන ජීවිතය කෙටිකලකින්ම නිමාකිරීමට සිදුවුණා. ඇය හදිසි අනතුරක් නිසා මරණයට පත්වූයේ 1987 ජුනි 30 දා යි. ඉතා කෙටි කලකින්ම දක්ෂතාවය නිසාම ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම පැමිණ අඳුරට එක්වූ පහන් සිළුවක් වන් රමණීගේ හදිසි මරණයෙන් පසු, ඇගේ මව සහ පියා අනෙක් දරුවන් සිව්දෙනා ද සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. දියණියගේ අනපේක්ෂිත මරණය නිසා ඇගේ පියා වූ ලෙස්ලි ද ටික කලකින් මරණයට පත් වුණා. ඇගේ මව වරින් වර ලංකාවේ නිවසට පැමිණෙනවා. එම නිවස අදටත් පිරී ඇත්තේ රමණීගේ සුන්දර පින්තූර වලින්. ඇය මියගිහින් වසර 31ක් ගතවුවත් ඇගේ සෙහොන් කොතට සවිකරන ඡායාරූප තවමත් ඇගේ රසිකයන් ගලවාගෙන යන බව මව පවසනවා.

article

සුන්දර ප්‍රංශ සවාරියේ විශ්මිත තතු

පාපැදි ලෝකයේ ජනප්‍රියම ඉසව්ව වන්නේ ප්‍රංශ පාපැදි සවාරියයි. එපමණක්ද නොව සියලුම පාපැදි ක්‍රීඩකයින්ගේ සිහිනය වන්නේ ප්‍රංශ පාපැදි සවාරිය ජයග්‍රහණය කිරීමයි. මෙම වසරේ ප්‍රංශ පාපැදි සවාරිය ජූලි 7 වැනිදා ආරම්භ විය. එය ජූලි 29 දක්වා පැවැත්වෙන අතර මෙවර පැවැත්වෙන්නේ 105 වැනි ප්‍රංශ පාපැදි සවාරියයි. සුපුරුදු පරිදි මෙවර ද ප්‍රංශ පාපැදි සවාරියට අදියර 21 ක් ඇතුලත් වන අතර එම අදියර 21 ට තැනිතලා බිම්වල, සාමාන්‍ය කඳු සහිත මාර්ගවල, ඉතා දුෂ්කර කඳු සහිත මාර්ගවල පැවැත්වෙන අදියර ඇතුලත් වේ. එයට අමතරව කාලය මැනීමේ අදියර දෙකක් ද පැවැත්වේ. මෙවර ප්‍රංශ පාපැදි සවාරියේ මුළු දුර කිලෝමීටර් 3329 කි.

article

“මං කෙලින් මිනිහෙක්” සහ සායක්කාර

අපි විශ්වාස කළා කෙළින් දේශපාලනය තිබ්බෙ වමේ කියලා. දකුණේ දේශපාලනයට වඩා වමේ දේශපාලනයට අපි ආකර්ෂනය වුණා. මොකද එහි තිබුණු සෘජු බව නිසා. හැබැයි ඉතිහාසයේ අත්දැකීම් එක්ක ගත්තට පස්සෙ ඒ කෙළින් කියන එක ධනේෂ්වරයේ ඇදගහපු ඒවාටත් වඩා අම්බානක ඇද ගහපු තැන් අපි දකිනවා. මේ උත්ප්‍රාසය තමයි මම නාට්‍ය ඇතුළෙ කතා කරන්නෙ. ඉතින් ඒ උත්ප්‍රාසයට සියයට පනහක විතර දායකත්වයක් වමේ දේශපාලනය සපයනවා. ඔය කාරණා දෙක තුනම එකතු කරගෙන තමයි කෙළින් මිනිහා සාකච්ඡාවට ගේන්නෙ.

article

දේශපාලකයන් හමුවේ අතරමං වන ජනතාව​

දේශපාලකයන් ගැන තියෙන අදහස් උදහස් කොහොමද? සාමාන්‍ය ජනතාව දේශපාලකයන් ගැන පැහැදීමකින් ඉන්නවාද? මැතිවරණයක් ආවාම නම් ලංකාවෙ අපි සියයට 60 ක් 70 ක් වත් ඡන්දය පාවිච්චි කරනවා. ඒ කියන්නෙ දේශපාලකයන්ට කැමැත්තක් තියෙනවා කියන එක ද?

article

Facebook ඇති වගේ නම් Instagram පැත්තට හැරෙන්න බලමුද?

Social Media, එහෙමත් නැතිනම් සමාජ මාධ්‍ය ගැන කතා කරනකොට අපේ රටේ අයට නම් මතක් වෙන්නේම Facebook තමයි. වෙන එකක් තියා Face සහ Book කියන දෙක එකතු කරලා අපේ අය “මුහුණු පොත” කියලා නමකුත් දාගෙන ඉවරයි. ඒ විතරක්ද, ඉස්සර “බුකිය” කිව්වේ රේස්වලට ඔට්ටු දාන්න යන තැනට වුණත් අද වෙනකොට ඒ නමත් Facebook එකටම සින්න වෙලා ඉවරයි. ටික කාලෙකට ඉහත ඉඳලා හැම ෆෝන් එකකම වගේ සිංහල දෙමළ අකුරු පේන්න ගැනීමත්, හෙළකුරු වගේ පහසුවෙන් භාවිතයට ගන්න පුළුවන් කීබෝඩ් ඇප් බිහි වීමත් එක්ක අද වෙනකොට ශ්‍රී ලංකාවේ අති බහුතරයක් දෙනා තමන්ගේ මව් භාෂාවෙන්ම Facebook එකේ කටයුතු කරන්න පෙළඹිලා තියෙනවා.

article

End of Articles

No More Articles to Load