Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ප්‍රංශ ජාතික ශ්‍රේෂ්ඨ සාහිත්‍යධර වික්ටර් හියුගෝ

වික්ටර් හියුගෝ යනු නවකතා කරුවෙකු, කාව්‍ය රචකයෙකු, නාට්‍ය රචකයෙකු, නිබන්ධකයෙකු වගේම රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස කටයුතු කළ ප්‍රංශ ජාතිකයෙක්. මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු ද වූ මොහු 19 වන සියවසයේදී ප්‍රංශයේ සිටි ඉතාමත් බල සම්පන්න රචකයෙකු වනවා.

article

ලෝක ප්‍රසිද්ධ තවත් කපූර් කෙනෙක්

අපි විවිධ අවස්ථාවල ලෝක ප්‍රසිද්ධ කලාකරුවන් රැසක් ගැන​ තොරතුරු ගෙන ආවා නේ. ඉතින් මේ ලිපියත් අන්න ඒ වගේ ලෝක ප්‍රසිද්ධ කලාකරුවෙකු ගැන​යි. ඔහු නමින් අනිෂ් කපූර්. ඔව් ඔබ හිතුවා හරි. ඔහු අපේ අසල්වැසි ඉන්දියානු ජාතිකයෙක්. මේ අනිෂ් කපූර් ගැන​ කතාවයි.

article

අපිට නෙළුම් කුළුණ වගේ කැනඩාවට තියෙන CN කුළුණ

මේ දවස් වල ලංකාවේ ගොඩාක් දෙනා කොළඹ අහස උසට හැදෙන නෙළුම් කුළුණ ගැන​ එක එක කතා කියනවා. සන්නිවේදන කටයුතු වෙනුවෙන් නිර්මාණය වෙන නෙළුම් කුළුණ වගේම, තවත් කුළුණු රාශියක් ලෝකය පුරා තියෙනවා. කැනඩාවේ ටොරොන්ටෝ වල CN Tower එහෙම නැත්නම් CN කුළුණ කියලා හඳුන්වන​ මේ වගේ කුළුණක් තියෙනවා. ලෝකයේ කාලයක් උසම ගොඩනැගීම වුන මෙය ගැන අද අපි ඔබට කියන්න හිතුවා.

article

ස්පාඤ්ඤයෙන් නිදහස් වූ කියුබාවේ ඇමරිකානු හිතවාදී පාලනය

බැටිස්ටාගේ පාලනය බිද දමමින් විප්ලවීය නායක පිදෙල් කැස්ත්‍රෝ නම් 33 හැවිරිදි තරුණයා ගෙන ගිය කියුබානු විප්ලවයෙන් අනතුරුව සමාජවාදී කියුබාව ගොඩ නැගෙනවා. මෙම ලිපි පෙළ ලියවෙන්නේ පිදෙල් කැස්ත්‍රෝ විසින් බැටිස්ටා පාලනය ඉවත් කිරීමට මෙහෙයවන ලද කැරැල්ල හෙවත් “කියුබානු විප්ලවය” පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එමටයි.

article

ලස්සන වෙන්න, ඇඟ හැඩට තියා ගන්න ජිම් යන්නම ඕනද?

අද වෙනකොට හැමෝම තුළ ලස්සනට ඉන්න ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා. Instagram වගේ ඇප් හරහා ඇඟ හැඩට තියෙන කෙනෙකුට ඒ බව පෙන්වන්න තියෙන හැකියාව මේකට ප්‍රධාන හේතුවක් බව හිතන්න පුළුවන්. විශේෂයෙන්ම තරුණ කවුරුත් හැඩට ඉන්න විශේෂ මහන්සියක් ගන්නවා. හැමදාම නාන කාමරේට ගිහින් හිට ගත්තාම ලැජ්ජා හිතෙන විදිහේ බඩක් තියෙනවා නම්, ඇඟේ හැටියට අත් දෙක සිහින් නම්, සිරුරේ කිසිම හැඩයක් නැති නම්, මොන ඇඳුම ඇන්දත් අපහසුයි, පෙනුමක් නැති නම් ඒකට යම් පිළියමක් යොදන්න හැමෝම කැමතියි. හැබැයි ඒකට මාස ගාණක් තිස්සේ ජිම් යන්න, කෑම පාලනය කරන්න, නිතරම මහන්සි වෙලා ව්‍යායාම කරන්න ඕන කියලා මතක් වුණාම නම් වැඩි දෙනෙක්ට තියෙන ඇඟ හොඳයි කියලා හිතෙනවා.

article

ලොව විශාලතම කන්ටේනර් වරාය වන ෂැංහයි

ෂැංහයි වරාය පිහිටා තිබෙන්නේ, චිනයේ යැන්සි ගංගාවේ මෝය ආශ්‍රිතවයි. ලොව වේගවත්ම වැඩෙමින් තිබෙන ආර්ථිකය හිමි ස්ථානය ලෙස මෙම වරාය සලකනු ලැබීම අතිශයෝක්තියක් නෙවෙයි. ෂැංහයි යනු 19 වන සියවසේ සිට ප්‍රධාන වරායක් ලෙස වඩාත් වැදගත් වූ ස්ථානයක් වුණා.

article

ජලය සහිත වාමන ග්‍රහලොව – සෙරස්

අප සෞරග්‍රහ මණ්ඩලයේ අඟහරු හා බ්‍රහස්පති අතර ප්‍රදේශයේ ග්‍රහක​ රාශියකින් පිරි ග්‍රහක​ වළල්ලක් දැකගනන්ට පිළිවන්. මෙහි සම්භවය පිළිබඳව විවිධ මත පවතිනවා. සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටා ඇති මේ ග්‍රහක​ වළල්ල ‘ඇස්ටරොයිඩ් පටිය’ ලෙස හඳුන්වනවා. දිගින් අඟල් කිහිපයක සිට මීටර ගණනාවක් විශාල ග්‍රහක​ කැබලි මෙහි හමු වෙනවා. ඒවායින් සමහරක් කලාතුරකින් පෘථිවිය දෙසටත් ඇදී එනවා. අපි ‘ඇස්ටරොයිඩ’ ලෙස හඳුන්වන්නේ මේවායි.

article

අතීත ග්‍රීසියෙන් ලෝකයට ලැබුණ දායාද​

ලෝකයට ඔලිම්පික් ක්‍රීඩා උළෙල හඳුන්වා දුන් ග්‍රීසිය පිළිබඳව අද අපි ඔබට තොරතුරු කිහිපයක් බෙදා දෙන්න කල්පනා කළා. ග්‍රීසිය ලොවට බොහොමයක් දේ දායාද කරනු ලැබූ රටක්. ලෝකයට බොහොමයක් වටිනා කලා නිර්මාණ ග්‍රීක ශිෂ්ටාචාරයෙන් ලැබී තිබෙනවා. ඒ වගේම පැරණි ලෝකයේ උගතුන් විශාල ප්‍රමාණයක් ග්‍රීකයන්. ඔවුන් ජීවත් වූයේ අද අප දන්නා ග්‍රීසියේ හෝ ග්‍රීකයින් වෙනස් ප්‍රදේශවල ගොඩ නැගූ ජනාවාසවලයි.

article

කැස්සයි, සෙමයි, හෙම්බිරිස්සාවයි හැදෙන ඉන්ෆ්ලුවෙන්සාවෙන් බේරෙන්නට නම්

ඉන්ෆ්ලුවෙන්සාව හැදෙනවා කියන්නේ හැමෝම අකමැති දෙයක් වුණත් ඒ ගැන බොහෝ දෙනෙක් ඒ තරම් බරපතලව හිතන්නෙ නෑ. හැම වෙලාවෙම නහය සූරන්න, කහින්න, කිවිසුම් අරින්න වෙන එක සහ සමහර වෙලාවට දවස් කිහිපයක් රැකියාවට, පාසලට නොයා ගෙදර ඉන්න වෙන එකෙන් එහා ගිය තත්ත්වයක් ඇති වෙන්නෙ කලාතුරකින්. කොහොම වුණත් දැන් ශ්‍රී ලංකාවේත් ඉන්ෆ්ලුවෙන්සාව පැතිරී යන කාලය නිසා යන යන හැම තැනම කවුරු හරි හැම වෙලාවෙම කිවිසුම් අරිමින්, කහිමින් ඉන්නවා දකින්න පුළුවන්. මාතර, ගාල්ල ඇතුළු දකුණු පළාතේ ප්‍රදේශවල මේ තත්ත්වය වේගයෙන් පැතිරී යන බවක් පසුගිය මාස දෙකේදී දකින්න ලැබීමත් එක්ක ඉන්ෆ්ලුවෙන්සාව වසංගත මට්ටමකටම එනවාද කියලාත් කතාබහක් ඇති වුණා. නමුත් සෞඛ්‍ය අංශයේ බලධාරීන් නම් කිව්වෙ මේ ගැන ලොකුවට බය වෙන්න දෙයක් නැති බවයි. හැම අවුරුද්දකම ඉන්ෆ්ලුවෙන්සාව වැඩියෙන් පැතිරෙන කාලයට දකින්න ලැබෙන රෝගීන් ඉහළ යාම මෙවරත් දකින්න ලැබෙන බව ඔවුන්ගේ අදහසයි. නමුත් ඉන්ෆ්ලුවෙන්සාව දිගටම පැතිරී යන්න තියෙන ඉඩකඩ අවම කරගන්න එක ඉතා වැදගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

article

අනාගතය දුටු ගත්කරු ජූල් වර්න්

ඔබ කුඩා කාලයේ කියැවූ චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තනය කරන ලද ‘ලෝකය වටා අසූ දවසකින්’ මෙන්ම විජය පත්‍රයේ සතිපතා පළ වූ ‘පොළොව යටට බිහිසුණු ගමනක්’ වැනි කතාංග ඔබට මතකද? මේ ද්විත්වයේම මුල් කෘති වල රචකයා ජූල් වර්න් (Jules Verne) නම් ගත් කතුවරයායි. දහ නවවන සියවසෙහි හා විසි වන සියවසේ මුල් කාලයේ ජීවත් වූවත් ඔහුගේ විද්‍යා ප්‍රබන්ධ පරිශීලනය කිරීමේදී හැඟෙන්නේ ඔහු සතුව ඉතා නිවැරදි අනාගත පෙර දැක්මක් තිබූ බවයි. ලොව පුරා අදටත් ඔහුගේ කෘති විශාල වශයෙන් අලෙවි වෙනවා.

article

පරිගණකයට Mouse එකක් තෝරාගන්නේ කොහොමද?

නිතර පාවිච්චි කරන ලැප්ටොප් එකට, ඩෙස්ක්ටොප් පරිගණකයකට මවුස් එකක් තෝරාගැනීම අපි හරියාකාරව නොකරන නිසා ටික කාලෙකින්ම අත්වල වේදනාවන්, මවුස් එක වැඩ නොකර යාම් ඇති වෙනවා. මවුස් එකක් ගන්නේ කොහොමද යන්න වැඩි දෙනෙක් අවධානය යොමු නොකරන කරුණක් නිසා ඒ දැනුමින් ඔබව පොහොසත් කරන්නයි මේ ලැහැස්තිය.

article

ස්පාඤ්ඤ – ඇමරිකානු යුද්ධයේ ජය ඇමරිකාවට​

ස්පාඤ්ඤ – ඇමරිකානු යුද්ධය යටතේ ස්පාඤ්ඤය, ඇමරිකාවට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමත් සමඟම ඇමරිකාව ද ඊට ප්‍රතිචාර දක්වමින් යුධ ප්‍රකාශ කරනවා. ඒ අනුව දෙපිරිස අතර පළමු සටන මැනිලා බොක්කේදී ඇතිවන අතර එහිදී ඇමරිකානු නාවික හමුදාව ජයග්‍රහණය ලබනවා. ඉතින් අද ලිපිය ලියවෙන්නේ එතැන් සිටයි.

article

End of Articles

No More Articles to Load