Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පාපන්දු ලෝක කුසලානයට රොද බඳින රසිකයෝ 

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා කටාරය ලහි ලහියේ සූදානම් වෙමින් සිටිනවා. තරගාවලියේ සමාරම්භය එළඹෙන 20 වැනි දා පැවැත්වීමට නියමිත යි. ලොවපුරා වෙසෙන පාපන්දුලෝලීන් මේ සඳහා සැදී පැහැදී කටාරය වෙත ළඟාවෙමින් සිටිනවා.

කටාරයේ නගර සහ වීදි වර්ණවත් සැණකෙළි ස්වරූපයක් ගෙන ඇති අතර 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නරඹනු සඳහා මෙවර මිලියන 1.2 කට වැඩි නරඹන්නන් පිරිසක් කටාරය වෙත ඇදී එනු  ඇතැයි සංවිධායකයන්ගේ අපේක්ෂාව යි.

2022 ලෝක කුසලාන සත්කාරකත්වය දිනා ගත් දා සිට කටාර් රාජ්‍යය ඒ සඳහා සැලකිය යුතු පරිවර්තනයකට ලක්ව තිබෙනවා.

මෙම තරගාවලිය ක්‍රීඩාංගණ අටක පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙහි පැමිණෙන ක්‍රීඩා ලෝලීන් අතරින් සමහර රසිකයන් සුඛෝපභෝගී නැව්වල සහ කාන්තාරයේ කඳවුරු අඩවිවල රැඳී සිටින අතර, අවම වශයෙන් ක්‍රීඩා ලෝලීන් රැගත් පාවෙන හෝටල් තුනක් දෝහා හි නැව් තටාකගත වන බවයි වාර්තා වන්නේ.

 ඔවුන්ගේ ප්‍රියත ම කණ්ඩායම්වල ජර්සිවලින් සැරසුණු ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙක් දෝහා සහ ලුසෙයිල් හරහා සිය සංචාරක නවාතැන් වෙත ඇදී ආවේ බොහෝ අපේක්ෂා සහිතව යි.

ඔලිම්පික් උස පැනීමේ ශූරයෙක් සහ FIFA ලෝක කුසලාන තානාපතිවරයකු ලෙස කටයුතු කරන Mutaz Barshim පවසන්නේ මෙම උත්සවය පාපන්දු ක්‍රීඩාවෙන් මිනිසුන් එකමුතු කිරීමට සුවිශේෂී අවස්ථාවක් ලබා දෙන බව යි. ලෝක කුසලානය අපගේ සංස්කෘතිය ලොව පුරා ප්‍රදර්ශනය කිරීමට, මිත්‍රත්වය ඇති කර ගැනීමට සහ සබඳතා ගොඩනැඟීමට මිනිසුන්ට උපකාර කරනවා. ඒ සියල්ල සමාජයට ධනාත්මක ලෙස බලපානවා” යි ඔහු කියයි.

කවරයේ ඡායාරූපය : කටාර් ධජයක් ඔසවා ගත් ගැහැනු දරුවෙක් - Sorin Furcoi/Al Jazeera
සෙසු ඡායාරූප: Tim Graham/Sorin Furcoi/Anwar Hussein/Corbis/Corbis via Getty Images
මූලාශ්‍ර:
Fifa.com
www.aljazeera.com

Related Articles