ඒ කාලේ වෙබ් අඩවි ප්‍රසිද්ධ වුණා වගේ දැන් තියෙන අලුත්ම Trend එක තමයි Mobile Apps කියන්නේ. ලොව වැඩිම පිරිසක් පාවිච්චි කරන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වශයෙන් Android ඉදිරියෙන් සිටින අතර ඉතිරිය iOS වලින් සම්පූර්ණ කරනවා. 2019 ජනවාරි මාසය වෙද්දී ලංකාවේ ජනගහනය මිලියන 21කට ආසන්න නමුත් දුරකතන පාවිච්චි කරන සංඛ්‍යාව මිලියන 28.71ක්. මේ නිසා ස්මාර්ට් දුරකතන වලට ගැලපෙන්න යමක් සමාජයට දෙනවා නම් ඒකට පහසුම ක්‍රමය App එකක් සැකසීමයි.