2018 වසරට ස්මාර්ට් දුරකතනයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු 6ක්
දුරකතනයක් මිලදී ගනිද්දී බොහෝ දෙනෙක් මිල මත පමණක්ම සීමා වෙමින් පසුකාලීනව තමන්ගේ තීරණයට නොව, දුරකතනය ස්ලෝවී ඇති බව පවසමින් ඊට දොස් නගනවා. එසේම දුරකතනයක් මිලදී ගන්නට වෙළඳසලකට ගියාමත් වෙළඳසල් හිමියාට අවශ්‍ය දුරකතනයකුයි බොහෝ අවස්ථාවලදී අපිට මිලදී ගන්නට සිදුවන්නේ. මේ නිසා දුරකතනයක් තෝරා ගනිද්දී ඊටත් වඩා සැලකිලිමත් විය යුතු දේවල් බොහොමයක් තිබෙනවා. එසේම තනි වෙළඳසලකට සීමා නොවී තමන්ගේ අවශ්‍යතාව අනුව එකක් තෝරාගත යුතු වෙනවා. එසේ තෝරාගැනීමේදී අත්‍යාවශ්‍යයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකුයි මේ.