Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පහසුවෙන්ම ලස්සන සෙල්ෆි ගන්නට උදව් දෙන Android සහ iOS ඇප්ස්

සෙල්ෆි යන වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට ඇතුළු වන්නට 2013 වර්ෂය තෙක්ම ගතවුණත් 1839දී ලොව ප්‍රථම සෙල්ෆිය ගෙන ඇත්තේ ආධුනික රසායනඥයෙක් වූ ෆිලඩෙල්ෆියාවේ රොබර්ට් කෝර්නේලියස් විසින්. ඔහුට තමන්ගේ ඡායාරූපය ගන්නට ලෙන්ස් කැප් එක සමඟ සෙල්ලම් කරන්නට සිදුවුණාට අද දුරකතනවල ඇති ඉදිරිපස කැමරාව නිසා ඉතාම පහසුවෙන් තමන්ගේම ඡායාරූපයක් ගන්නට හැකියාව ලැබී තිබෙනවා. මෙලෙස ගනිද්දීත් අනෙක් අයට වඩා හොඳ ඡායාරූපයක් ගැනීම සහ ඡායාරූප ශිල්පය පිළිබඳ වැඩි දැනුමක් නොමැති නමුත් ලස්සනට තම ඡායාරූපයක් ගන්නට බොහෝ දෙනෙක් වද වෙනවා. ඉතින්, මේ ඒ වෙනුවෙන් පහසුකම් සලසන හොඳම Android හා iOS ඇප්ස් කිහිපයක්.

article

රට වෙනුවෙන් ප්‍රශංසනීය සේවයක් සිදුකළ, රාජ්‍ය සේවයේ නියුතුව සිටි අපේ දෙගුරුන්ට පිදෙන Dialog “ප්‍රශංසා”

ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ ඉතාම වැදගත් ක්ෂේත්‍රයක් තමයි රාජ්‍ය සේවාව. අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය නිසි පරිදි පවත්වා ගෙන යන්නත්, කිසිදු භේදයක් නොසළකා පුරවැසියන්ට සේවය සලසන්නත් රාජ්‍ය සේවකයන්ගෙන් ඉෂ්ට වෙන කර්තව්‍යය සුළුපටු නැහැ. ශ්‍රී ලංකාවේ විශාලතම සේවායෝජකයා වන රාජ්‍ය සේවය අපේ රටේ බහුතර ජනතාවකගේ ජීවනාලිය වෙමින්, සියලු දෙනාටම රැකියා අවස්ථා තහවුරු කරන්නත් ලොකු වැඩ කොටසක් සිදු කරනවා. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින බොහෝ දෙනෙක් දශක දෙක තුනක දීර්ඝ කාලයක් පුරාවට අපේ රටට ඉමහත් සේවාවක් සිදු කරපු අය යි.

article

සෑම වෙබ් අඩවියකම HTTPS තිබිය යුත්තේ ඇයි? අඩවි සංවර්ධකයන් වෙනුවෙන් සටහනක්

මේ වෙබ් පිටුවේ ඉහළ, වෙබ් ලිපිනය තිබෙන ස්ථානයේ කොළ පැහැයෙන් තිබෙන https වචනයෙන් පෙන්වන්නේ ඔබ සහ Roar ටෙක් වෙබ් අඩවිය අතර තිබෙන අන්තර්ජාල සබඳතාව ආරක්ෂිත එකක් බවයි. කිසිදු තෙවන පාර්ශවයකට ඔබේ තොරතුරු මෙම සබඳතාවය හරහා ලබාගත නොහැකි සේ ආරක්ෂණය කොට ඇති නිසා ඔබට කිසිදු බියකින් තොරව මෙවන් වෙබ් අඩවියකට පිවිස ඔබේ තොරතුරු ලබා දෙන්නට පුළුවන්. මෙලෙස වෙබ් අඩවිය සහ පිවිසෙන්නා අතර ඇති සබඳතාව ආරක්ෂණය කරමින් දෙපස විශ්වාසය ගොඩනගා දෙන HTTPS ආරක්ෂණය එනිසා සෑම වෙබ් අඩවියකම තිබිය යුතුයි. ඉන් ලැබෙන අනෙකුත් ප්‍රයෝජන සහ එය දැමීමෙන් පසු ලැබෙන ප්‍රතිඵල මොනවාද? අපි සොයා බලමු.

article

Apple සමාගම WWDC 2018හිදී අලුතින්ම හඳුන්වා දුන් දේවල්

මේ වසර සඳහා වූ ඇපල් සමාගමේ මෘදුකාංග සංවර්ධක සමුළුව ජුනි 4 වන දා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ඔවුන් අලුතෙන් හඳුන්වා දෙන නිෂ්පාදන යාවත්කාලීනයන් සහ දෘඪාංග පිළිබඳව හඳුන්වා දෙනු ලැබූ අතර හැම කෙනෙක්ම පුල පුලා බලා සිටි iOS12 නිකුතුව ද එදින එළිදක්වනු ලැබුවා. මේ, එම අවස්ථාවේදී හඳුන්වාදුන් අපූර්වතම දේවල් කිහිපයක්.

article

සේවකයන් සහ විශේෂයෙන් ප්‍රධානීන් සැලකිලිමත් විය යුතු පරිගණක සෞඛ්‍යය

පරිගණකය සමඟ දවස පුරා කටයුතු කරන කෙනෙක් තමන් නොදැනුවත්වම නොසැලකිල්ල නිසා ශරීරාබාධ බොහොමයක් ළඟා කර ගන්න ඉඩ තිබෙනවා. දෑස, අත්, කොන්ද ඇතුළු ශරීරාංග බොහොමයක් මෙම ආබාධ තත්ත්වයන්ට ලක් වන අතර පරිගණක ඇබ්බැහි වීම් හරහා මේ තත්ත්ව තවත් උග්‍ර අතට හැරෙනවා. පේශිවල කැක්කුම්වලට අමතරව ඒවායේ අතුරුඵල ලෙස හිසරදය, ඔක්කාරය වැනි තවත් අතුරු රෝග ද ඇතිවන අතර දිගුකාලීනව නොසැලකිලිමත්කම් නිසා සෞඛ්‍යමය ගැටළු මෙන්ම කාර්යක්ෂමතාවය අඩුවීම ඇතුළු කාර්යාල පද්ධතිය වෙතම බලපෑ හැකි ආකාරයේ ගැටළු ද ඇති වෙනවා.

article

හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps: 2018 ජුනි

දෛනිකව ඉතා විශාල වශයෙන් Android Play Store වෙත ඇප්ස් එකතු වෙනවා. මෘදුකාංග සංවර්ධකයන්ට වරක් පමණක් ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තුව සහ ඇප්ස් publish කිරීමේදී වැඩි කරදරයකින් තොරව ක්ෂණිකවම කළ හැකි නිසා මෙන්ම ලොව වැඩිම ස්මාර්ට් දුරකතන ප්‍රමාණයක භාවිත වන මෙහෙයුම් පද්ධතිය නිසාත් ඇන්ඩ්‍රොයිඩ් වෙත විශාල වශයෙන් ඇප්ස් එකතු වෙනවා. ඒවා අතරෙන් මේ මාසයේ වඩාත්ම හොඳ කිහිපයකුයි මේ.

article

ඩොලර් බිලියන 10ක Bitcoin සුරකින අමුතු බැංකුව

ලොකු මුදලක් හෝ වෙනත් වටිනා වස්තුවක් තියෙනවා නම් අපේ පුරුද්දක් තමයි ඒක බැංකුවක තැන්පත් කරන එක, හෝ බැංකුවක තියෙන පෞද්ගලික සේප්පුවක තැන්පත් කරන එක. අපිට තනිවම ඒවා ආරක්ෂා කර ගන්න බැරි වුණාට වටිනා වස්තූන් ආරක්ෂා කරන්න හොඳ පළපුරුද්දක් සහ වගකීමක් සහිත බැංකුවක, ඒවා තැන්පත් කරාම අපිට ඒවා නැති වෙයි කියලා බය නොවී ජීවත් වෙන්න පුළුවන්. මේ නිසාම විශාල ප්‍රමාණයේ මුදල් සම්භාරයන් වගේම වස්තුව සුරැකිව තබා ගන්නත් බැංකු බිහි වීම අතීතයේ සිටම සිදු වෙන දෙයක්.

article

Free VPNවල පරිශීලක දත්ත අවභාවිතාව ගැන TheBestVPN කළ හෙළිදරව්ව

ෆේස්බුක් සමාගමට වග උත්තර බඳින්නට සිදුවූ කේම්බ්‍රිජ් ඇනලිටිකා සිද්ධියෙන් ලෝක ජනතාවගේ සහ නීතියේ ඇස් ඇරුණේ අන්තර්ජාලය හරහා පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත හිතුමතේ සංසරණය වන ආකාරය අවබෝධ වීමෙන්. මේ නිසාම සෑම සේවාවක්ම පාහේ තමන්ගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති (Privacy policy) යාවත්කාලීන කරමින් ඒ බව දැනුම් දෙන්නට පටන් ගත අතර මේ දිනවල ඊමේල් පමණක් නොව, බිස්කට් ටින් එකක් ඇරියත් “We have updated our privacy policy” කියා දකින්නට ලැබෙනවා.

article

අඩු මිලට ගත හැකි හොඳම හෙඩ්ෆෝන්ස්: 2018

රුපියල් දෙසියයකට පමණ පේමන්ට් එකේ විකුණන්න තියෙන හෙඩ්සෙට් එකක් ගත්තාම මාස කීපයක් යද්දි එය “එක යායට මල් පීදුණු බිම් තීරේ – පාර දිගේ..” තනි කණකට පමණක් කොඳුරන්නට පටන් ගන්නවා. ඒ වගේම ඒවායේ තිබෙන ශබ්දවල ගුණාත්මක බවත් කිසිසේත් හොඳ මට්ටමක නැහැ. හොඳම හෙඩ්ෆෝන් එකක් තිස් දහස සහ ඉන් ඉහළට ඇති නමුත් අතේ තිබෙන ගාණට ගත හැකි හොඳ මට්ටමක ශබ්ද ගුණාත්මක බවක් ඇති හෙඩ්ෆෝන් තිබෙනවා.

article

Game ගහන්න ෆෝන් එක ඉල්ලන දරුවන්ට හිතේ සතුටෙන් දෙන්න පුළුවන් අධ්‍යාපනික Games ගණනාවක් Dialog වෙතින්

අද කාලේ නව යොවුන් වයසේ දරුවන් වැඩි දෙනෙක්ගේ කාලයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් වැය වෙන්නේ ගෙදර කාගේ හරි ෆෝන් එකක් එක්කයි. ගෙදරදී එයට නීති දැම්මත් පාසලේදී, ටියුෂන් පන්තියේදී, මිතුරන් එක්ක ඉන්නකොට ඒ සඳහා ඕන තරම් අවස්ථා ලැබෙනවා. විවිධ දේ නරඹන්න, අන්තර්ජාලයේ සැරිසරන්න, විශේෂයෙන්ම Game ගහන්න වගේ දේවල්වලට තමයි ඔවුන් වැඩිපුරම උනන්දු වෙන්නේ. අද කාලේ කොහේ හරි ගියාම කුඩා දරුවන්ගේ වැඩේම game එකක් ගහන්න ෆෝන් එක ඉල්ලන එකයි.

article

රුසියාවේ බිහි වී ජපානයේ ඔප මට්ටම් වී අද ලෝකයම එළිය කරන LED

මිනිසා ශිෂ්ඨාචාරගත වෙන්නත් පෙර සිටම ආලෝකය ගැන තිබුණේ ලොකු උනන්දුවක්. ඉර, හඳ, සහ ගින්දර වැනි ආලෝක ප්‍රභවයන් දේවත්වයේ ලා සළකන්න බොහෝ මිනිසුන් පෙළඹුණා. කාලයක් තිස්සේ ගින්දරවලින් පමණක් කෘත්‍රීම ආලෝකය ලබා ගත් මිනිසාට, සැබෑ ලෙසම ගින්දරවලින් වෙනස් වූ, තාපය පාදක කර නොගත් ආලෝකය ලබා ගත හැකි ක්‍රමයක් බිහි කරේ රුසියානු නව නිර්මාණකරුවෙකු වූ ඔලෙග් ලොසෙව් (Oleg Losev) විසින්. ඒ 1927 දී LED එකක්, එහෙමත් නැත්නම් ආලෝක විමෝචක ඩයෝඩයක් ක්‍රියා කරන මූලික සිද්ධාන්තය ලොවට හෙළි කිරීමෙනුයි.

article

End of Articles

No More Articles to Load