SmartTV වෙනුවට අඩු මුදලකින් සාමාන්‍ය TV එකක් Smart කරන හැටි
වෙළඳපොළ දකින්නට ඇති රූපවාහිනී මාදිලි අතුරින් නවතම රැල්ල බවට පත්ව තිබෙන්නේ Smart TV කලාවයි. සාමාන්‍ය රූපවාහිනියකට වඩා එහි පහසුකම් රැසක් තිබෙන නමුත් මිලෙන් රුපියල් ලක්ෂයට ආසන්න සහ ඉන් ඔබ්බට ගිය අගයයන් බොහෝ විට දකින්නට ලැබෙනවා. නමුත් ඒ වෙනුවට දැනට ගෙදර තිබෙන TV එකත් ස්මාර්ට් කරන්නට බාහිරින් සබැඳිය හැකි Box එකකට පුළුවන්. ඒ සඳහා SmartTV එකකට සාපේක්ෂව ඉතාම අඩු මුදලක් වැය වන අතර ඒවාටත් වඩා වාසි සලසා ගන්න අවස්ථාව සැලසෙනවා.