Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Googleහි reCaptcha එකේ සිදුරක් සොයා ගැනෙයි

අන්තර්ජාලය තුළ සත්‍ය මිනිසුන් හැරුණාම පරිගණක ක්‍රමලේඛකයන් විසින් සකසන ලද කේත ද මිනිසුන් වශයෙන් පෙනී සිටින ලබනවා. මොවුන් බොට්වරුන් (Bots) ලෙස හඳුන්වන අතර ඒවා විසින් ගූගල් සෙවුම් යන්ත්‍ර වැනි වැදගත් වෙබ් සේවාවන් සඳහා නව වෙබ් අඩවිය සොයා දීම පමණක් නොව, නපුරු චේතනාවෙන් සකසන ලද බොට්වරුන් වෙබ් අඩවි වල සඳහන් කරන ලද ඊමේල් ලිපින උකහා ගැනීම, වෙනත් වෙබ් අඩවියක ලින්ක් එකක් සමගින් comment කිරීම, නොදැනුවත්කම නිසා විවිධ අය වෙබ් අඩවි වල ප්‍රසිද්ධියේ සඳහන් කරන password ආදිය උකහා ගැනීම වැනි අයුතු දේවල් සඳහා යොදා ගැනෙනවා.

මෙය ඉතා පහසුවෙන් වළක්වා ගැනීම සඳහා google සමාගම නිර්මාණය කරන ලද recaptcha නමැති සේවාව බිඳලන්නට පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා.

මොනවාද මේ Captcha කියන්නේ?

ෆේස්බුක්හි භාවිත වන කැප්චා එක (mihidigital.co.uk)

 

වෙබ් අඩවි සඳහා අනවශ්‍ය ලියාපදිංචි වීම් නැවැත්වීම වැනි දේවල් සඳහා විවිධ ආරක්ෂණ උපක්‍රම භාවිතාකරන්නට වෙබ් අඩවි නිර්මාණකරුවන්ට සිදුවෙනවා. ඔබ බොහෝ විට දැක ඇති ඇතැම් වෙබ් අඩවි හෝ සේවාවන් සඳහා ලියාපදිංචි වීමේ දී ඉලක්කම් දෙකක් ලබා දී ඒවායේ එකතුව වැනි ඉතා සරල පිළිතුරක් අපෙන් බලාපොරොත්තු වන ආකාරය. එහෙමත් නැත්නම් එකවර කියවා ගැනීමට අපහසු, බොඳ වූ ආකාරයේ අකුරු සහිත ඡායාරූපයක් ලබාදී එහි තිබෙන අකුරු මොනවාදැයි ඇති ලෙසින්ම ටයිප් කිරීමට සිදුවන ආකාරය. මෙවැනි දේවල් සත්‍ය පුද්ගලයින්ට ම පමණක් කළ හැකි ආකාරය ලෙස සලකා මේවායේ යොදා ගන්නා නිසා මෙතෙක් කාලයක් යනතෙක් සහ පහසුවෙන් මිනිසුන් නොවන වෙබ්අඩවි පිවිසුම් පෙරහන් ගත කරන්නට හැකියාව ලැබුණා.

එසේම තවමත් පැහැදිලිව දක්වන ලද අකුරු හෝ ඉලක්කම් කියවීමට මෙම බොට් තාක්ෂණය දියුණු වී නැති නිසා ඉතා පහසුවෙන් එවන් ආකාරයේ බාධකයක් දැමීම හරහා වැඩි අනවසර ලියාපදිංචිවීම් ප්‍රමාණයක් නවත්වා ගන්නට හැකි වෙනවා.

නමුත් මෙය බොහෝ කාලයක් කරන්නට හැකි වන්නේ නැහැ. මොකද දිනෙන් දින දර්ශනය දියුණු වන නිසා මිනිස් මොළයේ හැකියාවට ආසන්න වශයෙන් ම ඡායාරූප වල ඇති දෑ හඳුනා ගැනීමේ ක්‍රම ශිල්ප ඉතා වේගයෙන් දියුණුවට පත් වෙනවා. එවන් තත්ත්වයක් මත එම තාක්ෂණය වැරදි දේ සඳහා යොදා ගැනීමට ඇති හැකියාව ද වැඩි යි.

මේ වචනය සැකසී තිබෙන්නේ Completely Automated Public Turing test to tell Computers and Humans Apart හෙවත් මිනිසුන් සහ පරිගණක වර්ගීකරණය සඳහාවූ පූර්ණ ස්වයංක්‍රීය ක්‍රමවේදය යන අර්ථයෙනුයි.

ගූගල් සමාගමේ පිළිතුර

රිකැප්චා සේවයේ මුල් අදියර (tweakingtricks.com)

මේ දේවල් වළක්වා ගැනීම සඳහා වෙබ් සංවර්ධකයන්ට කාලය ගත වීම වළක්වා ගන්නටත්, අඩු මිලකට ආරක්ෂාවද සහිතව නිෂ්පාදනයක් බිහි කිරීමටත් උපකාර වීම සඳහා google සමාගම විසින් නොමිලේ ම captcha සේවාවක් හඳුන්වා දුන්නා. එහි මුල් අදියර යටතේ හොඳ කරන ලද ඇදේට ලියන ලද ආකාරයේ අකුරු සහ ඉලක්කම් කලවම් කොට යොදන ලද ඡායාරූපයක් පෙන්වා, එය ඇති සැටියෙන්ම ටයිප් කරන ලෙසට ඉල්ලා සිටියා. පසුව එහි මුද්‍රිත අකුරු වෙනුවට සත්‍ය ස්ථානවල ගන්නා ලද බොඳ වූ ඡායාරූප ඇතුළත් කරනු ලැබුවා. දෘෂ්‍යාබාධ වැනි තත්ත්වයන් නිසා ඒවා කියවීම අපහසු අය සඳහා ශ්‍රව්‍යමය උපකාරයක් ද ලබාදී තිබුණා.

(sketchappsources.com)

ඉන් පසුව දෙවැනි අදියර යටතේ මූසික චලන, වෙබ් අඩවිය තුළ හැසිරෙන ආකාරය, ඔබ google ගිණුම වෙත පිවිසී ඇත්නම් එය හරහා ලබාගන්නා ලද දත්ත ආදිය අධ්‍යයනය කරමින් තොරතුරු රැස්කරගෙන හුදෙක් කොටුවක් මත ක්ලික් කර හරි ලකුණක් දැමීමට අවස්ථාව සලසා තිබුණා. එය තවත් දියුණු කරමින් වෙබ් අඩවිය හැසිරීම නිසියාකාරව බලා ගන්නට මෙම ඇල්ගොරිතමයට අවස්ථාවක් නොලැබුණු විට ප්‍රශ්නයක් අසා ඡායාරූප කිහිපයක් ලබාදී ඊට ගැළපෙන පිළිතුර සහිත ඡායාරූපය හෝ ඡායාරූප තෝරාදෙන ලෙස විමසනු ලබනවා. මෙහිදීද දෘෂ්‍යාබාධිත පුද්ගලයන් සඳහා ගැටළු මතුවන බැවින් ඔවුන් සඳහා වෙනම ශ්‍රව්‍යමය දාන පහසු ක්‍රමයක් ලබා දී තිබුණා.

මෙහි තවත් ප්‍රභේදයක් වශයෙන් මෙම සේවාව අන්තර්ගත කිරීමෙන් පසු වෙබ් අඩවිය තුල හුදෙක් එය අන්තර්ගත කරන ලද බවට මැසේජ් එකක් පමණක් ඇතුළත් කරනු ලැබූ අතර පරිශීලකයාට කිසිදු වැඩිපුර පියවරක් හරහා ගමන් කිරීමට අවශ්‍ය වූයේ නැහැ.එයට android සඳහා භාවිතා කළ හැකි ආකාරයේ ප්‍රභේදයක්ද එක්කර තිබෙනවා.

ගූගල් සමාගමට වැඩ වැරදුණු තැන

twimg.com

සාමාන්‍ය ආකාරයේ පුද්ගලයන් සඳහා වූ ක්‍රමවේදය හරහා Recaptcha ආරක්ෂිත වූවත් දෘශ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් සකසන ලද ශ්‍රවණාධාරක ක්‍රමවේදය හරහා මෙම බාධක බිඳ ලන්නට ඉතා පහසුවෙන් කේතයකට හැකියාව තිබෙන බව ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂක පිරිසක් සොයා දුන්නා. මේ වනවිටත් කියවන විට ලිවීමේ හැකියාව පරිගණක වලට ලැබී තිබෙන අතර භාෂා ගණනාවක හැකියාව ද එය සතු වෙනවා.මෙහි ඇති වඩාත්ම උපහාසය නම් ඔවුන් මේ සඳහා යොදාගෙන තිබුණේ google සමාගම එම කටහඬ හඳුනාගැනීමේ සේවයයි.

මෙම ක්‍රියාව ඔවුන් සිදුකරන ලද්දේ කිසිදු විනාශකාරී චේතනාවකින් නොවන අතර ඔවුන්ගේ පරමාර්ථය වන්නේ මෙහි ඇති අනාරක්ෂිත එයට හෙළි කිරීම හරහා වඩාත් ආරක්ෂිත පියවර කරා යොමු වීමට ක්‍රමලේඛකයන්ගේ දෑස් හැරීමයි. unCAPTCHA ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය හරහා 85% ක් දක්වා සාර්ථක අගයකින් යුක්ත ව reCaptcha බිඳැලීමේ හැකියාව ඊට ලැබී තිබුණා.එසේම තත්පර 5.42 ක් වැනි කාලයක් තුලදී කැප්චා එක බිඳින්නට එය සමර්ථ වුණා.

walkthechat.com

ශ්‍රව්‍ය මාධ්‍ය හරහා වචනයක් කීමේදී යාචකයා හඳුනා ගන්නා අවස්ථාවේදී ඒ සඳහා විවිධ සමාන වචනයක් තිබිය හැකියි. උදාහරණයක් වශයෙන් “one” යැයි කී විට එය විවිධ අය ශබ්ද කරන ආකාරය අනුව won, own, un වැනි විවිධ ශබ්දාර්ථයන් ලැබිය හැකියි. මේ නිසා එය වඩාත් නිවැරදි කරගැනීම සඳහා ඔවුන් කටහඬ හඳුනාගැනීමට නොමිලේ ලබා දී ඇති අන්තර්ජාල සේවා කිහිපයකම උපකාර ලබාගෙන තිබෙනවා. ඒවා අතර IBM, Google Cloud and Speech Recognition, Sphinx, Wit-AI සහ Bing Speech Recognition අඩංගු අරගෙන තිබුණා. මේ හැම එකකටම ලැබෙන ශ්‍රව්‍ය පටය යවලා, එයින් ඉලක්කම් සම්බන්ධව ලැබෙන ප්‍රතිඵල වෙන් කරගැනීමෙන් තමයි බාධක බිඳීම සිදුකර තිබනේනේ. ඉතින් ඒ කියන්නේ ගූග්ල් එකේ මාළු ගූග්ල් එක උඩම තියලා කැපුවා වැඩකුත් මෙතව සිදුවෙලා තියෙනවා.

යෝජිත විසඳුම්

indiegogo.com

ගූගල් සමාගමේ බාධක බිඳ ලිවීමේ ඔවුන්ගේ අභිමතාර්ථය වූයේ හුදෙක් අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් ලබා ගැනීම නිසා ඔවුන් එතැනින් නොනැවතී මෙම අඩුපාඩු සකසා ගැනීම සඳහා කළ හැකි හොඳ උපක්‍රම ද යෝජනා කරනු ලැබුවා.

  • අංක වෙනුවට සතුන්ගේ නම් වැනි ඉහල පරාසයකින් යුත් වචන භාවිතය
  • පැහැදිලි හඬක් වෙනුවට බාහිර ශබ්ද, අපහැදිලි හඬවල් වැනි බාධක ගොඩනැගීම
  • “කවයක් අඳින්න”, “බල්ලෙක් නොව කාරය තෝරන්න” වැනි සංකීර්ණය විධානයන් ලබා දීම

යන දේවල් ඒ අතර වූවා.

ඉතින් මේ ආකාරයට හිත හොඳ හැකර්වරුන් සහ පර්යේෂකයන්ගේ නොමඳ සහාය නිසා අන්තර්ජාලය තුළ ආරක්ෂිත වටපිටාවක් ගොඩ නැගීමෙන් සේවය සපයන්නන්ට සහ පරිශීලකයන්ට වඩාත් හොඳ අන්තර්ජාල අත්දැකීමක් ලැබෙනවා.

කවරයේ ඡායාරූපය: sketchappsources.com

Related Articles