මේ ලිපිය වෙන්වන්නේ උතුරු ඇමරිකානු ස්වදේශික ශිෂ්ඨාචාරයන් විසින් ලිංගික අනන්‍යතාවය පිළිබඳව දැරූ ආකල්ප ගැන තොරතුරු ස්වල්පයක් ඔබ වෙනුවෙන් ගෙන ඒමට යි. සැබැවින්ම ඔවුන් ස්ත්‍රී-පුරුෂභාවය සලකා ඇත්තේ කෙනෙකුගේ ලිංගික අවයව දෙස බලා නම් නොවෙයි. මිනිසෙකුගේ අනන්‍යතාවය අප නොසිතන ගැඹුරක් දක්වා ගෙන යාමට වසර දහස් ගණන් පැරණි මේ ගෝත්‍රයන් සමත් වෙලා තිබෙනවා.