ඕස්ට්‍රේලියා හමුදා අන්ත පරාජයක් ලැබූ ‘මහා ඉමියු සංග්‍රාමය’
ලොව පුරා එදා මෙදා තුර ඇතිවූ මහා යුද සංග්‍රාමයන් පිළිබඳව නිරන්තරයෙන් අප අසා ඇත. ඒ අතර ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් ලෙස ‘මහා ඉමියු සංග්‍රාමය’ හමුවේ. විශේෂත්වය නම් මෙය මිනිසුන්-මිනිසුන් අතර ඇතිවූ යුද්ධයක් නොවීම යි. මේ ඕස්ට්‍රේලියාවේ හමුදාවන් සහ ඉමියු පක්ෂීන් අතර ඇතිවූ ගැටුමක කතාව යි.