මිනිසාට ඥාණ දත් අහිමිවේවි ද?
අමර, තිස්තුන් විය පවා ඉක්මවූ නිරෝගී, ක්රියාශීලි පුද්ගලයෙකි. නමුත් ඔහු සිය දෛනික ජීවිතයට බාධා ඇතිකරන අන්දමේ සිදුවීමකට කාලයක් තිස්සේ මුහුණ දේ. ඒ, විටින් විට උත්සන්න වන හිසරද තත්ත්වයක් මෙන්ම ආහාර ගැනීමේ අපහසුතාව යි. හක්ක ප්රදේශය මූලික කරගත් මෙම වේදනාවන්ට හේතු ලෙස ඔහුගේ වෛද්යවරයා ප්රකාශකර තිබුණේ, තවමත් අමරගේ හක්කේ දත් එමින් තිබෙන බව යි.