වීඩියෝ ක්‍රීඩා සැබෑ ලෝකයේ ප්‍රචණ්ඩත්වයට හේතු වෙනවාද?
ශ්‍රී ලංකාවේ කලින්කලට සංවාදයන් ඇති වීම ඉස්සර ඉඳන්ම සිදු වුණු දෙයක්. හැබැයි දැන් අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යවල දියුණුව නිසා විවිධ සංවාද ඉතාම වේගයෙන් පැතිරී යන්නත්, දින කිහිපයක් ඇතුළත ඒක වෙනුවට අලුත් මාතෘකාවක් ඇවිත් කලින් එක යටපත් වෙලා යන්නත් පටන් අරන්. මේ වගේ සතියෙන් සතියට මාරු වෙන විවිධ මාතෘකා ගැන හැමෝම අදහස්, යෝජනා, ප්‍රති උත්තර ලබා දීම වගේ දේවල්වලට අපේ රටේ සමාජ මාධ්‍ය භාවිතයේ සැලකිය යුතු ඉඩකඩක් වෙන් වන බව දකින්න පුළුවන්.