Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

IPL තරග වරම් මෙවර ලද ශ්‍රී ලංකා ක්‍රිකට් තරු 5ක්

2022 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය බැංගලෝර් නුවර දීපෙබරවාරි 12 සහ 13 යන දිනවල පැවැත්වුණා. එම වෙන්දේසිය සඳහා රටවල් 14කින් ක්‍රීඩකයන් 590ක් ඇතුළත් කර තිබුණා. ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 23 දෙනෙක් ද අයත් වුණා. 

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනකු අලෙවි වීම විශේෂත්වයක් වුණා. එය 2014 වසරෙන් පසුව වැඩි ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රමාණයකට IPL තරග වරම් ලැබුණු අවස්ථාව බවට පත්වුණා. එහි දී වනිඳු හසරංග ඉන්දියානු රුපියල් ලක්ෂ 1075ක් තරම් ඉහළ මිලකට අලෙවි වුණා. එය IPL ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයකු අලෙවි වුණු ඉහළ ම මුදල ලෙසින් සටහන් වුණා.

2022 IPL ක්‍රීඩක වෙන්දේසිය  – wisden.com

 

ඒ අයුරින් පැවැත්වුණු IPL ක්‍රීඩක වෙන්දේසියේ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් වාර්තා වුණු විශේෂ සිදුවීම් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

IPL ක්‍රීඩක වෙන්දේසියේ තොරතුරු 

2022 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩි ම මිලකට අලෙවි වුණේ ලොව අංක එකේ 20/20 පන්දු යවන්නා ලෙසින් වැජඹෙන වනිඳු හසරංග යි. එහි දී ඉන්දියානු රුපියල් ලක්ෂ 1075කට ඔහු මිල දී ගත්තේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම යි. ඊට පෙර IPL තරග ඉතිහාසයේ වැඩි ම මුදලකට අලෙවි වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වුණේ ලසිත් මාලිංග යි.

2014 දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මාලිංග සිය කණ්ඩායමේ දිගට ම රඳවා තබා ගැනීම සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 950ක මුදලක් වැය කළා. ඒ වාගේ ම 2015 දී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මිල දී ගැනීම සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 750ක මුදලක් වැය කළ බව මෙහි දී කිව යුතු යි.

වනිඳු හසරංග – gettyimages.com

 

වනිඳු හසරංගට අමතර ව තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව් දෙනෙක් මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවි වුණා. ඔවුන්ගේ නම්, මිල දී ගත් කණ්ඩායම් සහ අලෙවි වුණු මිල ගණන් පහතින් දක්වා තිබෙනවා.

1) දුෂ්මන්ත චමීර (ලක්නව් සුපර් ජයන්ට්ස්)- ඉන්දියානු රුපියල් ලක්ෂ 200

2) මහීෂ් තීක්ෂණ (චෙන්නායි සුපර් කිංග්ස්)- ඉන්දියානු රුපියල් ලක්ෂ 70 

3) චාමික කරුණාරත්න (කොල්කටා නයිට් රයිඩර්ස්)- ඉන්දියානු රුපියල් ලක්ෂ 50 

4) භානුක රාජපක්ෂ (පන්ජාබ් කිංග්ස්)- ඉන්දියානු රුපියල් ලක්ෂ 50 

දුෂ්මන්ත චමීර – gettyimages.com

 

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ ම මිලකට ඉෂාන් කිශාන් නම් ඉන්දීය යොවුන් ක්‍රීඩකයා යි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දියානු රුපියල් ලක්ෂ 1525කට ඔහු මිල දී ගත්තා. ඒ අනුව ඔහු IPL ඉතිහාසයේ සිව්වෙනියට වැඩි ම මිලකට අලෙවි වුණු ක්‍රීඩකයා බවට පත්වුණා. පහතින් දක්වා තිබෙන්නේ 2022 IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ මිල ගණන්වලට අලෙවි වුණු ක්‍රීඩකයන් පිළිබඳ තොරතුරු යි.

1) ඉෂාන් කිශාන් (මුම්බායි ඉන්දියන්ස්)- ඉන්දියානු රුපියල් ලක්ෂ 1525

2) දීපක් චහාර් (චෙන්නායි සුපර් කිංග්ස්)- ඉන්දියානු රුපියල් ලක්ෂ 1400

3) ෂ්‍රෙයාස් අයියර් (කොල්කටා නයිට් රයිඩර්ස්)- ඉන්දියානු රුපියල් ලක්ෂ 1225

4) ලියාම් ලිවින්ග්ස්ටෝන් (පංජාබ් කිංග්ස්)- ඉන්දියානු රුපියල් ලක්ෂ 1150

5) වනිඳු හසරංග (රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්)- ඉන්දියානු රුපියල් ලක්ෂ 1075

6) ෂාඩුල් ටාකූර් (දිල්ලි කැපිටල්ස්) – ඉන්දියානු රුපියල් ලක්ෂ 1075

7) හර්ෂාල් පටෙල් (රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්)- ඉන්දියානු රුපියල් ලක්ෂ 1075

8) නිකලස් පූරන් (සන්රයිසස් හයිද්‍රාබාද්)- ඉන්දියානු රුපියල් ලක්ෂ 1075

 ඉෂාන් කිශාන් – gettyimages.com

 

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 20/20 තරගාවලියේ උණුසුම 

තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 20/20 තරගාවලිය සිඩ්නි පිටියේ දී පසුගිය සිකුරාදා ආරම්භ වුණා. එම තරගාවලිය යටතේ ක්‍රියාත්මක වුණු මුල් තරග දෙකේ ජයග්‍රහණය ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි වුණා. එහි දී ශ්‍රී ලංකාව ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කරට කර සටනක් ලබා දීම සුවිශේෂී සිදුවීමක් වුණා.

කණ්ඩායම් දෙක අතර පැවැත්වුණු පළමු 20/20 තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඕස්ට්‍රේලියානු ඉනිම 149/9 ලෙසින් සීමා කළා. නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට එම ලකුණු ප්‍රමාණය ලබාගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. 

පළමු තරගයේ දී දක්ෂ ලෙස පන්දු යැවූ බිනුර – gettyimages.com

 

ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් දෙවන 20/20 තරගය ලකුණු සමවීමෙන් අවසන් වීම සුවිශේෂී සිදුවීමක් වුණා. එහි දී ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 53කින් ලකුණු 73ක් වාර්තා කළා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දු වාරයේ දී ඕස්ට්‍රේලියානු විනිසුරු රොඩ් ටකර් ලබාදුන් දුර්වල විනිසුරු තීරණයක් නොවන්නට තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිවීමට වැඩි ඉඩකඩක් තිබුණා. ලකුණු සම වී අවසන් වුණු තරගයේ ජයග්‍රාහකයා තේරීම සඳහා ක්‍රියාත්මක වුණු සුපිරි පන්දුවාරයේ  ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට හිමි වුණා. ඒ අනුව ඕස්ට්‍රේලියානුවන් තරග 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක – gettyimages.com

 

ඒ අයුරින් නිමාවට පත්වුණු 20/20 තරග දෙකේ කෙටි ලකුණු පුවරු පහතින් දක්වා තිබෙනවා. 

පළමු තරගයේ කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියාව- 149/9 (20), (මැක්ඩර්මට්- 53, ස්ටොයිනිස්- 30, වනිඳු- 38/3, බිනුර- 12/2, චාමික- 22/2)

ශ්‍රී ලංකාව- 122/8 (19), (නිස්සංක- 36, චන්දිමාල්- 25*, හේසල්වුඩ්- 12/4, සැම්පා- 18/3)

ඕස්ට්‍රේලියාවට ලකුණු 20ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව)

තරගයේ වීරයා- ඇඩම් සැම්පා 

දෙවන තරගයේ කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියාව- 164/6 (20), (ඉංග්ලිෂ්-  48, ෆින්ච්- 25, චමීර- 30/2, වනිඳු- 33/2)

ශ්‍රී ලංකාව- 164/8 (20), (නිස්සංක- 73, ශානක- 34, හේසල්වුඩ්- 22/3, සැම්පා- 26/1)

තරගයේ ලකුණු සම වුණා (සුපිරි පන්දුවාරයේ ජය ඕස්ට්‍රේලියාවට)

තරගයේ වීරයා- ජෝශ් හේසල්වුඩ් 

තරග දෙකේ දීම පන්දුවෙන් හපන්කම් පෑ හේසල්වුඩ් – gettyimages.com

 

ශීත ඔලිම්පික් තරගාවලියේ තොරතුරු

2022 ශීත ඔලිම්පික් තරගාවලිය චීනයේ බීජිං නුවර දී මේ දිනවල පැවැත්වෙනවා. ඒ සඳහා රටවල් 91කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2871ක් සහභාගි වී සිටිනවා. එහි දී ක්‍රීඩාවන් 15ක් යටතේ තරග ඉසව් පැවැත්වෙනවා. මේ වන විට නෝර්වේ රාජ්‍යය සහ ජර්මනිය පදක්කම් සටහනේ පළමු තැන දිනා ගැනීම සඳහා ප්‍රබල සටනක නිරතවෙමින් සිටිනවා.

පසුගිය ශීත ඔලිම්පික් තරගාවලියේ ශූරතාව දිනාගත් නෝර්වේ රාජ්‍යය මෙවර ශීත ඔලිම්පික් තරගාවලිය ජයගනු ඇති බවට ක්‍රීඩා විචාරකයන් අනාවැකි පළ කරනවා. පහතින් දක්වා තිබෙන්නේ මේ වන විට පදක්කම් සටහනේ ඉදිරියෙන් ම සිටින රටවල් 5 පදක්කම් දිනා ගෙන තිබෙන ආකාරය යි.

1) නෝර්වේ- (රන්- 9, රිදී- 5, ලෝකඩ- 7)

2) ජර්මනිය- (රන්- 8, රිදී- 5, ලෝකඩ- 1)

3) අමෙරිකාව- (රන්- 7, රිදී- 6, ලෝකඩ- 2)

4) නෙදර්ලන්තය- (රන්- 6, රිදී- 4, ලෝකඩ- 2)

5) ස්වීඩනය- (රන්- 5, රිදී- 3, ලෝකඩ- 3)

2022 ශීත ඔලිම්පික් උළෙලේ තරගකාරී අවස්ථාවක් (gettyimages.com)

 

සුපිරි අමෙරිකානු කෙටිදුර ධාවකයෙක් නික්ම යයි 

අමෙරිකාවෙන් බිහිවුණු දක්ෂත ම කෙටිදුර ධාවන ශූරයෙක් වන ජස්ටින් ගැට්ලින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව පසුගිය සතියේ දී නිවේදනය කළා. දශක දෙකකට ආසන්න කාලයක් ලෝක මලල ක්‍රීඩා පිටිය තුළ බැබළුණු ගැට්ලින් සිය රටට සුවිශේෂී ජයග්‍රහණ රැසක් හිමි කර දුන්නා.

එහි දී ඔහු මීටර් 100, 200 සහ 100 සහාය යන ඉසව් සඳහා සහභාගි වෙමින් ඔලිම්පික් සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය යන තරගාවලිවල දී රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට සමත් වුණා. එහි දී ඔහුට හිමි වුණේ එකම එක ඔලිම්පික් රන් පදක්කමක් පමණ යි. එය 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්වෙන් හිමිවුණා. 

 ගැට්ලින් ඇතන්ස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව ජයගත් අවස්ථාව – gettyimages.com

කවරයේ ඡායාරූපය- වනිඳු හසරංග- espncricinfo.com

මූලාශ්‍ර:

espncricinfo.com

iplt20.com

olympics.com

Related Articles