Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වාර්තා අලුත් කළ ජෝ රූට්ගේ ටෙස්ට් ලකුණු දස දහස

2022 එංගලන්ත-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලෝඩ්ස් පිටියේ දී පසුගිය ඉරිදා නිමාවට පත් වුණා. එම තරගයෙන් එංගලන්තය කණ්ඩායමට කඩුලු 5ක ජයක් උරුම වුණා. එහි දී දක්ෂ පිතිහරඹයක නිරත වුණු එංගලන්ත පිතිකරු ජෝ රූට් අගනා ශතකයක් වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා.

එම ඉනිමේ දී ටෙස්ට් ලකුණු දස දහසේ (10000) කඩඉම පසුකර ගිය රූට් එදා මෙදාතුර අඩුම කාලයකින් ටෙස්ට් ලකුණු දස දහස පසුකර ගිය පිතිකරුවා ලෙස ඉතිහාසගත වුණා. ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු ද සමඟින් නිමා වුණු සතියේ කෙළිබිමේ තොරතුරුයි මේ.

 ජෝ රූට් ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි 

පසුගිය ඉරිදා නිමාවට පත්වුණු එංගලන්ත-නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජෝ රූට් නොදැවී ලකුණු 115ක් රැස් කළා. එම ඉනිම අතරතුර ඔහු ටෙස්ට් ලකුණු දස දහසේ (10000) කඩඉම පසුකර ගියා. එහි දී අඩුම කාලයක් තුළ එම කඩඉම වෙත ළඟා වුණු ක්‍රීඩකයා ලෙසින් ඔහු වාර්තා අතරට එක් වුණා. පහතින් දක්වා තිබෙන්නේ අඩුම කාලයකින් ටෙස්ට් ලකුණු දස දහසේ (10000) කඩඉම වෙත ළඟා වුණු ක්‍රීඩකයන් පිළිබඳව යි.

1). ජෝ රූට් (එංගලන්තය)- වසර 9  දින 171  

2). ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය)- වසර 10  දින 87  

3). රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව)- වසර 11  දින 280 

4). කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)- වසර 12 දින 159

5). රිකී පොන්ටිං (ඕස්ට්‍රේලියාව)- වසර 12 දින 174

ජෝ රූට් (gettyimages.com)

 

එසේ ටෙස්ට් ලකුණු දස දහසේ කඩඉම වෙත පැමිණි රූට් දැනට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටින ක්‍රීඩකයන් අතුරින් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් ලබා සිටින පිතිකරුවා ලෙසින් වැජඹෙනවා. එදා මෙදාතුර ටෙස්ට් ලකුණු දස දහසේ කඩඉම පසුකර ගිය පිතිකරුවන්ගේ නම් පහතින් දක්වා තිබෙනවා.

1). සචින් ටෙන්ඩුල්කාර් (ඉන්දියාව)- ලකුණු 15,921 (ඉනිම් 329)

2). රිකී පොන්ටිං (ඕස්ට්‍රේලියාව)- ලකුණු 13,378 (ඉනිම්- 287)

3). ජැක් කාලිස් (දකුණු අප්‍රිකාව)- ලකුණු 13,289 (ඉනිම්- 280)

4). රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව)- ලකුණු 13,288 (ඉනිම්- 286)

5). ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය)- ලකුණු 12,472 (ඉනිම්- 291)

6). කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)- ලකුණු 12,400 (ඉනිම්- 233)

7). බ්‍රයන් ලාරා (බටහිර ඉන්දීය කොදෙව්)- ලකුණු 11,953 (ඉනිම්- 232)

8). ශිව්නරීන් චන්ද්‍රපෝල් (බටහිර ඉන්දීය කොදෙව්)- ලකුණු 11,867 (ඉනිම්- 280)

9). මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව)- ලකුණු 11,814 (ඉනිම්- 252)

10) ඇලන් බෝඩර් (ඕස්ට්‍රේලියාව)- ලකුණු 11,174 (ඉනිම්- 265)

11). ස්ටීව් වෝ (ඕස්ට්‍රේලියාව)- ලකුණු 10,927 (ඉනිම්- 260)

12). සුනිල් ගවස්කාර් (ඉන්දියාව)- ලකුණු 10,122 (ඉනිම්- 214)

13). යුනිස් ඛාන් (පාකිස්තානය)- ලකුණු 10,099 (ඉනිම්- 213)

14). ජෝ රූට් (එංගලන්තය)- ලකුණු 10,015 (ඉනිම්- 218)

සචින් ටෙන්ඩුල්කාර් – gettyimages.com

 

නවසීලන්තය හමුවේ එංගලන්තය ජය පැන් බොයි 

2021-2023 ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන එංගලන්ත-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ලෝඩ්ස් පිටියේ දී පසුගිය ඉරිදා නිමාවට පත් වුණා. පන්දු යවන්නන්ගේ දස්කම් ඉස්මතු වුණු එම තරගයේ පළමු දිනයේ  කඩුලු 17ක් බිඳ වැටීම සුවිශේෂී සිදුවීමක් වුණා. වරින් වර දෙපසට දෝලනය වුණු එම තරගය අවසානයේ එංගලන්තය දෙසට දෝලනය වුණා.

ඒ හිටපු එංගලන්ත නායක ජෝ රූට් අවශ්‍ය ම මොහොතක ක්‍රියාත්මක වෙමින් ලබාගත් විශිෂ්ට ශතකය නිසා යි. එහි දී රූට්ගේ පිත්තෙන් වාර්තා වුණු අගනා ලකුණු 115 හේතුවෙන් එංගලන්තයට කඩුලු 5ක ජයක් උරුම වුණා. තරගයේ කෙටි ලකුණු පුවරුවයි මේ. 

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්ත පළමු ඉනිම- 132/10, (ග්‍රෑන්ඩ්හෝම්- 42, සවුති- 26, පොට්ස්- 13/4, ඇන්ඩර්සන්- 66/4)

එංගලන්ත පළමු ඉනිම- 141/10, (ක්‍රෝලි- 43, ලීස්- 25, සවුති- 55/4, බෝල්ට්- 21/3, ජේමිසන්- 20/2)

නවසීලන්ත දෙවන ඉනිම- 285/10, (මිචෙල්- 108, බ්ලන්ඩල්- 96, පොට්ස්- 55/3, බ්‍රෝඩ්- 76/3)

එංගලන්ත දෙවන ඉනිම- 279/5, (රූට්- 115*, ස්ටෝක්ස්- 54, ෆෝක්ස්- 32*, ජේමිසන්- 79/4

එංගලන්තයට කඩුලු 5ක ජයක්

තරගයේ වීරයා- ජෝ රූට්  

 එංගලන්තය තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages.com

 

ආජන්ටිනාවට තවත් පාපන්දු කුසලානයක් 

2021 කෝපා අමෙරිකා පාපන්දු ශූරයන් වුණු ආජන්ටිනාවත්, 2020 යුරෝ පාපන්දු ශූරයන් වුණු ඉතාලියත් අතර අපූරු පාපන්දු තරගයක් එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ දී ගෙවුණු සතියේ පැවැත්වුණා. 1985 දී මුල්ම වරට පැවැත්වුණු එම තරගය ඊට පසුව 1993 දී පැවැත්වුණා.

එහි දී Artemio Franchi නම් කුසලානය ප්‍රදානය කළා. 1985 දී ප්‍රංශය කණ්ඩායම උරුගුවේ රාජ්‍යය පරාජය කරමින් එම කුසලානය දිනා ගනිද්දී 1993 දී ආජන්ටිනා කණ්ඩායම ඩෙන්මාර්කය පරදවා එම කුසලානය දිනා ගත්තා.

1985 දී Artemio Franchi කුසලානය දිනාගත් ප්‍රංශ කණ්ඩායම – gettyimages.com

 

1993 වසරෙන් පසුව නැවතී තිබුණු එම තරගය 2022 දී නැවත පැවැත්වුණා. Finalissima නමින් පැවැත්වුණු එම තරගයෙන් ආජන්ටිනා කණ්ඩායමට ගෝල 3-0ක පහසු ජයක් හිමි වුණා.

එහි දී ජාවියර් මාර්ටිනෙස්, ඒන්ජල් ඩි මරියා, සහ පෝල් ඩිබාලා ආජන්ටිනාව වෙනුවෙන් ගෝල වාර්තා කළා. තරගය පුරාවට දක්ෂ ක්‍රීඩා රටාවක නිරත වුණු ආජන්ටිනාවේ ලියොනල් මෙසීට තරගයේ වීරයා සම්මානය හිමි වුණා.

 ජයග්‍රාහී ආජන්ටිනා කණ්ඩායම – gettyimages.com

 

චමරි අතපත්තුගෙන් තවත් එක්දින ශතකයක් 

2022 ශ්‍රී ලංකා-පාකිස්තාන කාන්තා එක්දින තරගාවලිය කරච්චි හි දී ගෙවුණු සතියේ නිමාවට පත් වුණා. එම තරගාවලිය යටතේ පැවති තෙවන එක්දින තරගයේ දී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 85කින් වේගවත් ලකුණු 101ක් ලබා ගත්තා. එය චමරි සිය එක්දින තරග දිවියේ දී ලබාගත් 6 වන ශතකය බවට පත් වුණා.

ඒ අයුරින් චමරි ලබා ගත් ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 93ක පහසු ජයක් හිමි වුණා. නමුත් තරගාවලියේ ජය තරග 2-1ක් ලෙසින් හිමි වුණේ පාකිස්තාන කාන්තා කණ්ඩායමට යි. මේ තෙවන එක්දින තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 260/7 (50), (චමරි අතපත්තු- 101, හර්ෂිතා මාධවී- 75, අනාම් අමින්- 43/2) 

පාකිස්තානය- 167/10 (41.4), (ආලියා රියාස්- 56, චමරි අතපත්තු- 20/2, ඕෂධී රණසිංහ- 29/2) 

ශ්‍රී ලංකාවට ලකුණු 93ක ජයක් 

තරගයේ වීරයා- චමරි අතපත්තු

 චමරි අතපත්තුගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය නිමා වෙයි 

126 වන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ප්‍රංශයේ පැරිස් නුවර දී ගෙවුණු සතියේ නිමාවට පත් වුණා. එහි දී විශිෂ්ට දස්කම් දැක්වූ ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් 14 වන වරටත් පිරිමි ඒකල ශූරතාව දිනා ගත්තා. ඊට පෙර 2005-2008, 2010-2014, සහ 2017-2020 යන කාල වකවානුවල දී ඔහු අඛණ්ඩව ප්‍රංශ විවෘත ඒකල ශූරතාව දිනාගෙන තිබුණා. එසේ  නිමාවට පත් වුණු ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ ප්‍රධාන තරග ඉසව්වල ප්‍රතිඵල මෙසේ යි.  

1). පිරිමි ඒකල ශූරතාව- රෆායෙල් නඩාල් (ස්පාඤ්ඤය)

2) කාන්තා ඒකල ශූරතාව – ඊගා ෂියාන්ටෙක් (පෝලන්තය)

3) පිරිමි යුගළ ශූරතාව – මාර්සෙලෝ ඇලොවාරෝ (එල් සැල්වදෝරය) සහ ජීන් රොජර් (නෙදර්ලන්තය)

4) කාන්තා යුගළ ශූරතාව- කැරොලිනා ගාර්සියා (ප්‍රංශය) සහ ක්‍රිස්ටිනා ම්ලැඩෙනොවික් (ප්‍රංශය)

5) මිශ්‍ර යුගළ ශූරතාව- එනා ෂිබහාරා (ජපානය) සහ වෙස්ලි කූල්හොෆ් (නෙදර්ලන්තය)

රෆායෙල් නඩාල් ශූරතා කුසලානය සමඟ – gettyimages.com

64 වසරකට පසුව පාපන්දු ලෝක කුසලාන වරම් ලැබූ වේල්සය 

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ අවසන් අදියරේ තරග මේ දිනවල පැවැත්වෙනවා. ඒ යටතේ පැවති තරගයකින් ගෝල 1-0ක් ලෙස යුක්‍රේනය පරාජය කළ වේල්සය 2022 පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත්තා. වේල්සය අවසන් වරට පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් සඳහා සහභාගි වුණේ 1958 වසරේ දී යි.

ස්වීඩනයේ පැවති එම පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි වේල්සය ප්‍රබල බ්‍රසීල කණ්ඩායම හමුවේ ගෝල 1-0ක් ලෙසින් ලැබූ පරාජයත් සමඟින් තරගාවලියෙන් ඉවත් වුණා. ඒ අයුරින් අසීරුවෙන් 2022 පාපන්දු ලෝක කුසලානය සඳහා වේල්සය මූලික තරග වටයේ දී B කාණ්ඩය යටතේ තරග බිමට පිවිසීමට නියමිත යි. එහි දී ඔවුන්ට ඉරානය, එංගලන්තය, සහ අමෙරිකාව යන කණ්ඩායම් සමඟින් උරෙනුර ගැටීමට සිදුවනු ඇති. 

වේල්ස්-යුක්‍රේන පාපන්දු තරගයේ අවස්ථාවක් – gettyimages.com

කවරයේ ඡායාරූපය- ජෝ රූට් පිත්තෙන් දස්කම් දක්වමින් - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com 

howstat.com 

rolandgarrors.com 

eurosport.com

Related Articles