Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව ඔසොවා තැබූ දිනේෂ් චන්දිමාල්ගේ ද්විත්ව ශතකය

2022 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී මේ වන විට පැවැත්වෙනවා. එම ටෙස්ට් තරගයේ දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 206ක් ලබා ගත්තා. එය ශ්‍රී ලංකා පිතිකරුවෙක් ඕස්ට්‍රේලියාවට එරෙහි ව ලබා ගත් මුල් ම ටෙස්ට් ද්විත්ව ශතකය ලෙසින් ඉතිහාසගත වුණා.

එහි දී චන්දිමාල් අතින් බිඳ වැටුණේ කුමාර් සංගක්කාර 2007 දී හෝබාර්ට්හි දී පැවති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගයේ දී ලකුණු 192ක් ලබා ගෙන තබා තිබුණු වාර්තාව යි.

චන්දිමාල් ද්විත්ව ශතකය ලබාගත් අවස්ථාව- gettyimages.com

 

එම ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 554ක් ලබා ගත්තා. එය එදා මෙදා තුර ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව හමුවේ ටෙස්ට් ඉනිමක දී ලබාගත් වැඩි ම ලකුණු ප්‍රමාණය බවට පත්වුණා.  ඊට පෙර ශ්‍රී ලංකාව 1992 දී ඕස්ට්‍රේලියා හමුවේ ටෙස්ට් ඉනිමක දී කඩුලු 8ක් දැවී ලකුණු 547ක් ලබා ගෙන තිබුණා. 

ඒ අයුරින් ශ්‍රී ලංකා කණ්ඩායම දස්කම් අතරට පිවිසි ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේ දී ප්‍රභාත් ජයසූරිය, කමිඳු මෙන්ඩිස් සහ මහීෂ් තීක්ෂණ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ටෙස්ට් වරම් හිමි වුණා. ඒ අතුරින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණු ප්‍රභාත් ජයසූරිය සිය මංගල ටෙස්ට් ඉනිමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 118කට කඩුලු 6ක් දවා ගත්තා.

ප්‍රභාත් කඩුල්ලක් ලබාගැනීමේ සතුට සමරමින් – gettyimages.com

එය ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් මංගල ටෙස්ට් තරගයේ දී ඉනිමක කඩුලු 6ක් දවා ගත් තෙවන අවස්ථාව බවට පත් වුණා. මේ සිය මංගල ටෙස්ට් තරගයේ දී ඉනිමක කඩුලු 6ක් දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්.

1) ප්‍රවීන් ජයවික්‍රම- 92/6 – බංග්ලාදේශයට එරෙහි ව 2021 දී 

2) ප්‍රභාත් ජයසූරිය- 118/6 – ඕස්ට්‍රේලියාවට එරෙහි ව 2022 දී 

3) උපුල් චන්දන- 179/6- පාකිස්තානයට එරෙහි ව 1999 දී 

ප්‍රවීන් ජයවික්‍රම මංගල ටෙස්ට් තරගයේ දී දස්කම් දක්වමින් (gettyimages.com)

 

දෙවන ටෙස්ට් තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පසුගිය සිකුරාදා ආරම්භ වුණු 2022 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ සිව්වන දිනයේ දිවා විවේකය සඳහා තරගය නතර කරද්දී  තරගයේ වැඩි වාසිය හිමි ව තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි.

තරගයේ පන්දුවට මුලින් ම පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා ම දැවී ලකුණු 364ක් ලබා ගත්තා. එහි දී ඕස්ට්‍රේලියානු ඉනිමේ නැංගුරම බවට පත් වුණු ස්ටීව් ස්මිත් නොදැවී ලකුණු 145ක් රැස් කරද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් මානස් ලබුෂේන් ලකුණු 104ක් රැස් කළා. 

ස්ටීව් ස්මිත් ශතකය ලබාගත් මොහොත – gettyimages.com

 

 සිය පළමු ඉනිම ක්‍රීඩා කළ  ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා ම දැවී  ලකුණු 554ක් ලබා ගත්තා. එහි දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 206ක් ලබා ගෙන සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මුල් ම ද්විත්ව ශතකය වාර්තා කළා.

චන්දිමාල්ට අමතරව දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් පිළිවෙලින් ලකුණු 86ක් සහ ලකුණු 85ක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ වාගේම මංගල ටෙස්ට් තරගයට සහභාගි වුණු කමිඳු මෙන්ඩිස් ඉවසීමෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 61ක් ලබාගනිද්දී ඇන්ජලෝ මැතිව්ස් ද ලකුණු 52කින් කණ්ඩායමේ ලකුණු පුවරුව සවිමත් කිරීමට දායක වුණා.

චන්දිමාල් ස්වීප් පහරක් එල්ල කරමින් – gettyimages.com

මෙම ලිපිය ලියන අවස්ථාව වන විට තරගයේ කෙටි ලකුණු පුවරුව දැක්වුණේ පහත දැක්වෙන ආකාරයට යි. 

කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 364/10, (ස්මිත්- 145*, ලබුෂේන්- 104, ප්‍රභාත්- 118/6, රාජිත- 70/2)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 554/10, (චන්දිමාල්- 206*, දිමුත්- 86, කුසල්- 85, කමිඳු- 61, ස්ටාක්- 89/4)

කමිඳු පිත්තෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

2022 LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අවසන්

2022 LPL තරගාවලිය එළඹෙන ජූලි 31 වැනිදා ආරම්භ කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම්. එම තරගාවලියේ කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන්ගේ තෝරා ගැනීමේ වෙන්දේසිය පසුගිය ජූලි 5 වැනිදා පැවැත්වුණා. ඒ සඳහා ක්‍රීඩකයන් 353 දෙනෙක් සුදුසුකම් ලබා ගෙන සිටියා. එයින් 173ක් දේශීය ක්‍රීඩකයන් ද ඉතිරි 180 විදෙස් ක්‍රීඩකයන් ද වුණා. එහි දී රූබි, සපායර්, ඩයමන්ඩ් , ප්ලැටිනම්, ගෝල්ඩ් සහ සිල්වර් යන කාණ්ඩවලට ක්‍රීඩකයන් බෙදා තිබුණා. එම වෙන්දේසිය අවසානයේ දී එක් එක් කණ්ඩායමට ඇතුළත් වුණු ප්‍රබල ක්‍රීඩකයන් මෙසේ යි. 

කළම්බු ස්ටාර්ස් 

1). ඩ්වේන් ප්‍රිටෝරියස් (දකුණු අප්‍රිකාව)

2). ඇන්ජලෝ මැතිව්ස් 

3). චරිත් අසලංක 

4). අසීෆ් අලී (පාකිස්තානය)

5). ෆසල්හක් ෆාරුකී (ඇෆ්ගනිස්තානය) 

6). ඩොමිනික් ඩ්‍රේක්ස් (බටහිර ඉන්දීය කොදෙව්)

ඉහත ක්‍රීඩකයන් අතුරින් ඩ්වේන් ප්‍රිටෝරියස් සහ ෆසල්හක් ෆාරුකී 2022 IPL තරගාවලියේ දී පිළිවෙළින් චෙන්නායි සුපර් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් නියෝජනය කළා. 

දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩ්වේන් ප්‍රිටෝරියස් – gettyimages.com

ජැෆ්නා කිංග්ස් 

1). එවින් ලුවිස් (බටහිර ඉන්දීය කොදෙව්)

2). තිසර පෙරේරා 

3) මහීෂ් තීක්ෂණ

4). ෂොයිබ් මලික් (පාකිස්තානය)

5). ධනංජය ද සිල්වා 

6). දුනිත් වෙල්ලාලගේ 

ඉහත ක්‍රීඩකයන් අතුරින් මහීෂ් තීක්ෂණ සහ එවින් ලුවිස් 2022 IPL තරගාවලියේ දී පිළිවෙළින් චෙන්නායි සුපර් කිංග්ස් සහ ලක්නව් සුපර්ජයන්ට්ස්  යන කණ්ඩායම් නියෝජනය කළා. 

කොදෙව් ක්‍රීඩක එවින් ලුවිස් – gettyimages.com

කැන්ඩි ෆැල්කන්ස් 

1). වනිඳු හසරංග 

2) .කාලෝස් බ්‍රැත්වේට් (බටහිර ඉන්දීය කොදෙව්)

3). ඩෙවෙල්ඩ් බ්‍රෙවිස් (දකුණු අප්‍රිකාව)

4). මතීෂ පතිරණ 

5). චාමික කරුණාරත්න

6). ෆේබියන් ඇලන් (බටහිර ඉන්දීය කොදෙව්)

2022 IPL තරගාවලියේ දෙවනියට වැඩි ම කඩුලු ලාභියා වුණු වනිඳු හසරංග කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියෝජනය කරනවා. ඩෙවෙල්ඩ් බ්‍රෙවිස්, මතීෂ පතිරණ, ෆේබියන් ඇලන් සහ චාමික කරුණාරත්න  යන ක්‍රීඩකයන් ද 2022 IPL තරගාවලිය නියෝජනය කළා.

 වනිඳු හසරංග – gettyimages.com

ගෝල් ග්ලැඩියේටර්ස් 

1). දුෂ්මන්ත චමීර 

2). ඉමාඩ් වසීම් (පාකිස්තානය)

3). කුසල් මෙන්ඩිස් 

4). ධනුෂ්ක ගුණතිලක 

5). ෂර්ෆේන් රදර්ෆර්ඩ් (බටහිර ඉන්දීය කොදෙව්) 

6). ෆාහිම් අෂ්‍රෆ් (පාකිස්තානය)

ඉහත ක්‍රීඩකයන් අතුරින් ෂර්ෆේන් රදර්ෆර්ඩ් සහ දුෂ්මන්ත චමීර 2022 IPL තරගාවලියේ දී පිළිවෙළින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ ලක්නව් සුපර්ජයන්ට්ස්  යන කණ්ඩායම් නියෝජනය කළා. 

දුෂ්මන්ත චමීර – gettyimages.com

දඹුල්ල ජයන්ට්ස් 

1). දසුන් ශානක 

2). භානුක රාජපක්ෂ

3) ඩි, ආර්සි ෂෝර්ට් (ඕස්ට්‍රේලියාව)

4). බෙන් කටිං (ඕස්ට්‍රේලියාව)

5). ටිම් සීෆර්ට් (නවසීලන්තය)

6). ෂෙල්ඩන් කොට්‍රල් (බටහිර ඉන්දීය කොදෙව්)

ඉහත ක්‍රීඩකයන් අතුරින් භානුක රාජපක්ෂ 2022 IPL තරගාවලියේ දී පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළා.

භානුක රාජපක්ෂ – gettyimages.com

 

එංගලන්තය පැරදූ ඉන්දියාවට 20/20 තරගාවලි ජයක් 

2022 ඉන්දු-එංගලන්ත 20/20 තරගාවලිය නොටිංහැම් නුවර ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී ඊයේ දිනයේ නිමාවට පත් වුණා. එම තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළේ සංචාරක ඉන්දීය කණ්ඩායම යි. එහි දී ඉන්දීය පන්දු යවන්නන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. එසේ නිමාවට පත්වුණු තරගාවලිය යටතේ පැවති තරගවල කෙටි ලකුණු පුවරුයි මේ.

පළමු තරගය 

ඉන්දියාව- 198/8 (20), (හාර්ඩික්- 51, සූර්යකුමාර්- 39, ජෝර්ඩන්- 23/2, මොයින්- 26/2)

එංගලන්තය- 148/8 (19.3), (මොයින්- 36, හාර්ඩික්- 33/2, අර්ෂ්දීප්- 18/2, චහාල්- 32/2) 

ඉන්දියාවට ලකුණු 50ක ජයක්  

තරගයේ වීරයා- හාර්ඩික් පාණ්ඩ්‍යා 

තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ හාර්ඩික් පාණ්ඩ්‍යා – gettyimages.com

දෙවන තරගය 

ඉන්දියාව- 170/8 (20), (ජඩේජා- 46, රෝහිත්- 31, ජෝර්ඩන්- 27/4, ග්ලීසන්- 15/3)

එංගලන්තය- 121/10 (17), (මොයින්- 35, විලී- 33*,  බුවනේෂ්වර්- 15/3, බූම්රා- 10/2, චහාල්- 10/2) 

ඉන්දියාවට ලකුණු 49ක ජයක්  

තරගයේ වීරයා- බුවනේෂ්වර් කුමාර් 

පන්දුවෙන් දස්කම් පෑ බුවනේෂ්වර් කුමාර් – gettyimages.com

තෙවන තරගය 

එංගලන්තය- 215/7 (20), (මලාන්- 77, ලිවිංග්ස්ටන්- 42*, බිෂ්නෝයි- 30/2, හර්ෂාල්- 35/2) 

ඉන්දියාව- 198/9 (20), (සූර්යකුමාර්- 117, ටෝප්ලි- 22/3, ජෝර්ඩන්- 37/2)

එංගලන්තයට ලකුණු 17ක ජයක්  

තරගයේ වීරයා- රීසා ටෝප්ලි 

තරගාවලියේ වීරයා- බුවනේෂ්වර් කුමාර් 

සූර්යකුමාර් ශතකය ලබාගත් අවස්ථාව – gettyimages.com

 

විම්බ්ලෙඩන් ටෙනිස් තරගාවලිය නිමා වෙයි 

135 වන විම්බ්ලෙඩන් ටෙනිස් තරගාවලිය එංගලන්තයේ දී ඊයේ දිනයේ නිමාවට පත් වුණා. එහි දී විශිෂ්ට දස්කම් දැක්වූ සර්බියාවේ නොවැක් ජෝකොවිච් 7 වන වරටත් පිරිමි ඒකල ශූරතාව දිනා ගත්තා. ඊට පෙර ඔහු  2011, 2014, 2015, 2018, 2019, 2021, 2022  යන වසරවල දී  විම්බ්ලෙඩන් පිරිමි ඒකල ශූරතාව දිනාගත්තා. එසේ  නිමාවට පත් වුණු විම්බ්ලෙඩන් ටෙනිස් තරගාවලියේ ප්‍රධාන තරග ඉසව්වල ප්‍රතිඵල පහතින් දක්වා තිබෙනවා.  

1). පිරිමි ඒකල ශූරතාව- නොවැක් ජෝකොවිච් (සර්බියාව)

2). කාන්තා ඒකල ශූරතාව- එලේනා රයිබකිනා (කසකස්තානය)

3). පිරිමි යුගළ ශූරතාව- මැතිව් එබ්ඩන් සහ මැක්ස් පර්සෙල් (ඕස්ට්‍රේලියාව)

4). කාන්තා යුගළ ශූරතාව- බාර්බරා ක්‍රෙජිකෝවා සහ කැතරිනා සිනිකෝවා (චෙක් ජනරජය)

5). මිශ්‍ර යුගළ ශූරතාව- නීල් ස්කුප්ස්කි (මහා බ්‍රිතාන්‍යය) සහ ඩෙසරේ ක්‍රොව්චෙක් (අමෙරිකාව)

නොවැක් ජෝකොවිච් ශූරතා කුසලානය සමඟ – gettyimages.com

කවරයේ ඡායාරූපය- මංගල ටෙස්ට් තරගයේ දී පන්දුවෙන් දස්කම් දැක්වූ ප්‍රභාත් ජයසූරිය - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

srilankacricket.lk

wimbledon.com 

 

Related Articles