Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 IPL තරගාවලියේ හොඳම පන්දු යැවීම සිදු කළ වනිඳු

2022 IPL තරගාවලියේ මූලික තරග වටයේ 54 වන තරගය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් අතර ඊයේ (08) දිනයේ දී පැවැත්වුණා. එම තරගයේ දී අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු වනිඳු හසරංග ලකුණු 18කට කඩුලු 5ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා. එම සුපිරි පන්දු යැවීම මෙවර IPL තරගාවලියේ දී වාර්තා වුණු හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා.

වනිඳු හසරංග – tribuneindia.com

 

එලෙස වනිඳු IPL තරග බිමේ දී පෑ දස්කම්වල තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන්  ඇසුණු සුවිශේෂී පුවත් කිහිපයක් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කරනවා. 

වනිඳු IPL තරග බිමේ පෑ දස්කම් 

මෙවර IPL තරගාවලියේ මේ දක්වා පැවැත්වුණු තරගවල දී පන්දු යවන්නන්ගේ දස්කම්වලට වඩා පිතිකරුවන්ගේ දස්කම් කැපී පෙනුණා. එනිසා පන්දු යවන්නන් ඉහළ දස්කම් දැක්වූ අවස්ථා වාර්තා වුණේ හරිම අඩුවෙන්. එම අඩුව මකා දැමූ වනිඳු ඊයේ (08) දිනයේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී පන්දුවාර 4ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත්තා. එහි දී ඒඩන් මාක්‍රම්, නිකලස් පූරන්, ජගදීෂ සුචිත්, ශෂාන්ක් සිං, උම්රන් මලික් යන පිතිකරුවන් වනිඳුගේ පන්දු හමුවේ දැවී ගියා. 

වනිඳු කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – firstpost.com

 

එය මෙවර IPL තරගාවලියේ දී පන්දු යවන්නෙකa සිදු කළ හොඳ ම පන්දු යැවීම ලෙසින් වාර්තා වුණා. මෙවර IPL තරගාවලියේ මේ දක්වා වාර්තා වුණු හොඳ ම පන්දු යැවීම් පහ පහතින් දක්වා තිබෙනවා.  

1) වනිඳු හසරංග (රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්)- 18/5 (4)

2) උම්රාන් මලික් (සන්රයිසස් හයිද්‍රාබාද්)- 25/5 (4)

3) යුස්වේන්ද්‍ර චහාල් (රාජස්තාන් රෝයල්ස්)- 40/5 (4)

4) ඇන්ඩ්‍රේ රසල් (කොල්කටා නයිට් රයිඩර්ස්)- 5/4 (1) 

5) කුල්දීප් යාදව් (දිල්ලි කැපිටල්ස්)- 14/4 (3) 

උම්රන් මලික් පන්දුවෙන් දස්කම් දක්වමින් – crictracker.com

 

වනිඳු ලකුණු 18කට ලබා ගත් කඩුලු 5 IPL තරගාවලි ඉතිහාසයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකa සිදු කළ දෙවන හොඳ ම පන්දු යැවීම බවට පත් වුණා. එම වාර්තාවේ හිමිකරුවා වන්නේ දශකයකට වැඩි කාලයක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග යි. පහතින් දක්වා තිබෙන්නේ IPL තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිදු කළ හොඳ ම පන්දු යැවීම් පහ පිළිබඳව යි.

1) ලසිත් මාලිංග (මුම්බායි ඉන්දියන්ස්)- 13/5 (2011 තරගාවලියේ දී)

2) වනිඳු හසරංග (රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්)- 18/5 (2022 තරගාවලියේ දී) 

3) ලසිත් මාලිංග (මුම්බායි ඉන්දියන්ස්)-  16/4 (2012 තරගාවලියේ දී)

4) දිල්හාර ප්‍රනාන්දු (මුම්බායි ඉන්දියන්ස්)- 18/4 (2008 තරගාවලියේ දී)

5) ඇන්ජලෝ මැතිව්ස් (කොල්කටා නයිට් රයිඩර්ස්)- 19/4 (2010 තරගාවලියේ දී) 

ලසිත් මාලිංග කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – gettyimages.com

IPL තරගාවලියේ ප්‍රතිඵල විසඳුණු ආකාරය

IPL තරගාවලියේ මූලික වටයේ තරග 9ක් පසුගිය සතියේ දී ක්‍රියාත්මක වුණා. එහි දී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහණ 2ක් වාර්තා කළා. පහතින් දක්වා තිබෙන්නේ ගෙවුණු සතියේ පැවති IPL තරගවල ප්‍රතිඵල විසඳුණු ආකාරය යි. 

1) 47 වන තරගය- කොල්කටා නයිට් රයිඩර්ස්  සහ රාජස්තාන් රෝයල්ස්  – කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

2) 48 වන තරගය- පංජාබ් කිංග්ස්  සහ ගුජරාට් ටයිටන්ස්- පංජාබ් කිංග්ස් කණ්ඩායමට කඩුලු  8ක ජයක් 

3) 49 වන තරගය- රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ චෙන්නායි සුපර් කිංග්ස් – රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 13ක ජයක් 

4) 50 වන තරගය- දිල්ලි කැපිටල්ස්  සහ සන්රයිසස් හයිද්‍රාබාද්- දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලකුණු 21ක ජයක් 

5) 51 වන තරගය- මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස්- මුම්බායි ඉන්දියන්ස්   කණ්ඩායමට ලකුණු 5ක ජයක් 

6) 52 වන තරගය- රාජස්තාන් රෝයල්ස් සහ පංජාබ් කිංග්ස් – රාජස්තාන් රෝයල්ස්  කණ්ඩායමට කඩුලු 6ක ජයක් 

7) 53 වන තරගය- ලක්නව් සුපර් ජයන්ට්ස්  සහ කොල්කටා නයිට් රයිඩර්ස් – ලක්නව් සුපර් ජයන්ට්ස්    කණ්ඩායමට ලකුණු 75ක ජයක් 

8) 54 වන තරගය- රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද්- රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 67ක ජයක් 

9) 55 වන තරගය- චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස්- චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 91ක ජයක් 

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම – indiatvnews.com

 

2022 IPL තරගාවලියේ මුල් තරග 55 අවසන් වෙද්දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ජෝස් බට්ලර් සහ යුස්වේන්ද්‍ර චහාල් තවදුරටත් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ කඩුලු ලාභියා ලෙසින් වැජඹෙනවා. පහතින් දක්වා තිබෙන්නේ මේ වන විට තරගාවලිය තුළ වැඩිම කඩුලු සහ ලකුණු ලබාගෙන සිටින ක්‍රීඩකයන් පිළිබඳව යි. 

වැඩි ම ලකුණු ලාභියෝ 

1) ජෝස් බට්ලර් (රාජස්තාන් රෝයල්ස්)- ලකුණු 618 (ඉනිම්- 11)

2) ලෝකේෂ් රාහුල් (ලක්නව් සුපර් ජයන්ට්ස්)- ලකුණු 451 (ඉනිම්- 11)

3) ෆාෆ් ඩූ ප්ලෙසිස් (රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්)- ලකුණු 389 (ඉනිම්- 12)

4) ෂිකර් ධවාන් (පංජාබ් කිංග්ස්)- ලකුණු 381(ඉනිම්- 11)

5) ඩේවිඩ් වෝනර් (දිල්ලි කැපිටල්ස්)- ලකුණු 375 (ඉනිම්- 9)

ජෝස් බට්ලර් – crictracker.com

වැඩි ම කඩුලු ලාභීහු 

1) යුස්වේන්ද්‍ර චහාල් (රාජස්තාන් රෝයල්ස්)- කඩුලු 22 (ඉනිම්- 11)

2) වනිඳු හසරංග (රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්)- කඩුලු 21 (ඉනිම්- 12)

3) කගීසෝ රබාඩා (පංජාබ් කිංග්ස්)- කඩුලු 18 (ඉනිම්- 10) 

4) කුල්දීප් යාදව් (දිල්ලි කැපිටල්ස්)- කඩුලු 18 (ඉනිම්- 11)

5) තංගරාසු නටරාජන් (සන්රයිසස් හයිද්‍රාබාද්)- කඩුලු 17 (ඉනිම්- 9)

යුස්වේන්ද්‍ර චහාල්  – facebook.com

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන 

2022 IPL තරගාවලියේ මූලික වටයේ 55 වන තරගය අවසන් වෙද්දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. පහතින් දක්වා තිබෙන්නේ ගෙවුණු සතිය නිමා වෙද්දී එක් එක් කණ්ඩායම ලකුණු ලබාගෙන සිටි ආකාරය යි.

1) ලක්නව් සුපර් ජයන්ට්ස්- ලකුණු 16 (තරග- 11)

2) ගුජරාට් ටයිටන්ස්- ලකුණු 16 (තරග- 11)

3) රාජස්තාන් රෝයල්ස්- ලකුණු 14 (තරග- 11)

4) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්- ලකුණු 14 (තරග- 12) 

5) දිල්ලි කැපිටල්ස්- ලකුණු 10 (තරග- 11)

6) සන්රයිසස් හයිද්‍රාබාද්- ලකුණු 10 (තරග- 11)

7) පංජාබ් කිංග්ස්- ලකුණු 10 (තරග- 11)

8) චෙන්නායි සුපර් කිංග්ස්- ලකුණු 8 (තරග- 11)

9) කොල්කටා නයිට් රයිඩර්ස්- ලකුණු 8 (තරග- 11)

10) මුම්බායි ඉන්දියන්ස්- ලකුණු 4 (තරග- 10)

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම – facebook.com

 

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තාවක් අලුත් කළ නිෂාන් මධුෂ්ක 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන කණ්ඩායම මේ දිනවල එංගලන්ත සංචාරයකට එක් වී සිටිනවා. එම සංචාරයේ පළමු සිව්දින තරගය කැන්ටබරි හිදී පසුගිය මැයි 6 වැනිදා ආරම්භ වුණා. ඒ කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව යි. එම තරගයේ දී අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නිෂාන් මධුෂ්ක හතරේ පහර 37ක් සහ හයේ පහර 2ක් සමඟින් අගනා ලකුණු 269ක් ලබා ගත්තා.

එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එංගලන්ත බිමේ පැවති පළමු පෙළ තරගයක දී ලබාගත් වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් වුණා. එහි දී නිෂාන් බිඳ දැමුවේ මීට වසර 26කට පෙර අරවින්ද ද සිල්වා කෙන්ට් ප්‍රාන්තය නියෝජනය කරමින් ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම හමුවේ ලකුණු 255ක් ලබාගෙන තබා තිබුණු වාර්තාව යි.

අරවින්ද 1995 දී කෙන්ට් ප්‍රාන්තය නියෝජනය කරමින් – espncricinfo.com

 

යොවුන් ක්‍රීඩක නිෂාන් සුපිරි දස්කම් දැක්වූ එම තරගයේ තෙවන දිනය නිමා වෙද්දී ප්‍රබල කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමට කරට කර සටනක් ලබාදීමට ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට හැකි වුණා. පහතින් දක්වා තිබෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.   

කෙටි ලකුණු පුවරුව 

 කෙන්ට් කණ්ඩායම- 595/8 (137)

ඩැරන් ස්ටීවන්ස්- 168 (142)
ජෝර්ජ් ලින්ඩේ- 107 (141)
බිලී මීඩ්- 106* (188)

යසිරු රොද්‍රිගෝ- 90/2 (24)
ධනංජය ලක්ෂාන්- 106/2 (23)

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම- 573/6 (131)

නිෂාන් මධුෂ්ක- 269 (392)
ලසිත් කෲස්පුල්ලේ 136 (179)
නුවනිඳු ප්‍රනාන්දු- 99 (108)

ජෝර්ජ් ලින්ඩේ- 106/2 (29)
මාකස් ඕ’රිඔර්ඩන්- 26/1 (9)

නිෂාන් මධුෂ්ක – thepapare.com

 චමරි අතපත්තුගෙන් 20/20 ශතකයක්

FairBreak ආරාධිත කාන්තා 20/20 තරගාවලිය ඩුබායිහි දී මේ දිනවල පැවැත්වෙනවා. එම තරගාවලියේ පළමු තරගය ෆැල්කන්ස් සහ වොරියර්ස් යන කණ්ඩායම් අතර පසුගිය බදාදා පැවැත්වුණා. එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු හතරේ පහර 13ක් සහ හයේ පහර 5ක් සමඟින් පන්දු 55කින් නොදැවී ලකුණු 107ක් රැස් කළා. චමරිගේ පිත්තෙන් වාර්තා වුණු එම විශිෂ්ට ඉනිම නිසා ෆැල්කන්ස් කණ්ඩායමට කඩුලු 8ක පහසු ජයක් හිමි වුණා.

 චමරිගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් – espncricinfo.com

 

චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ තොරතුරු

යුරෝපයේ පාපන්දු ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන අර්ධයේ තරග ගෙවුණු සතියේ දී නිමාවට පත්වුණා. එහි දී එංගලන්තයේ ලිවර්පූල් සහ ස්පාඤ්ඤයේ රියාල් මැඩ්‍රිඩ් යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරගෙන අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තා. එම තරගවල ප්‍රතිඵල පහත දක්වා තිබෙනවා. 

1) ලිවර්පූල් සහ විලාරියල්- 3-2 

2) රියාල් මැඩ්‍රිඩ් සහ  මැංචෙස්ටර්- 3-1

රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව – managingmadrid.com

කවරයේ ඡායාරූපය- වනිඳු හසරංග IPL තරගාවලියේ දී දස්කම් දක්වමින්- iplt20.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

iplt20.com

uefa.com 

Related Articles