Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතකට පිවිසි සතියක නිමාව

තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පසුගිය අඟහරුවාදා ආරම්භ වුණා. එම තරගාවලියේ මුල් තරග 3 ගෙවුණු සතියේ දී නිමාවට පත් වුණා. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන සහ තෙවන එක්දින තරග ජයග්‍රහණය කරමින් තරග 2-1ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා. 

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියේ තොරතුරු

2022 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා පළමු එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායමට කඩුලු 2ක තියුණු ජයක් හිමි වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 300ක් ලබා ගත්තා. එහි දී කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලක යන පිතිකරුවන් අර්ධ ශතක වාර්තා කළා. 

ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ කුසල් මෙන්ඩිස් – gettyimages.com

 

ඉන් පසුව ආරම්භ වුණු ඕස්ට්‍රේලියානු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වුණු නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 44කින් ලකුණු 282ක ඉලක්කයක් ඔවුනට එල්ල වුණා. එම දැවැන්ත ඉලක්කය සාර්ථකව හඹා ගිය ඕස්ට්‍රේලියානුවන් අවසානයේ දී කඩුලු 2ක තියුණු ජයක් ලබා ගත්තා. එහි දී සුපිරි පිතිහරඹයක නිරත වුණු ග්ලේන් මැක්ස්වෙල් පන්දු 51කින් නොදැවී ලකුණු 80ක් ලබා ගත්තා. මේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 300/7 (50), (මෙන්ඩිස්- 86*, නිස්සංක- 56, ගුණතිලක- 55, ලබුෂේන්- 19/2, ඒගාර්- 49/2)

ඕස්ට්‍රේලියාව- 282/8 (42.3), (මැක්ස්වෙල්- 80*, ස්මිත්- 53, හසරංග- 58/4, දුනිත්- 49/2)

ඕස්ට්‍රේලියාවට කඩුලු 2ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව)

තරගයේ වීරයා- ග්ලේන් මැක්ස්වෙල්  

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් – gettyimages.com

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී ම පැවති දෙවන එක්දින තරගයට සකසා තිබුණේ පන්දු යවන්නන්ට වඩාත් උචිත තණතීරුවක්. එම තණතීරුවේ පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 47.4ක් අවසන් වෙද්දී කඩුලු 9ක් දැවී ලකුණු 220ක් ලබාගෙන සිටියා.

එම අවස්ථාවේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණු නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 43කින් ලකුණු 216ක ඉලක්කයක් හඹායාමට සිදු වුණා. දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 189කට සීමා කළා. ඉන් ශ්‍රී ලංකාවට ලකුණු 26ක ජයක් හිමි වුණු එම තරගයේ කෙටි ලකුණු පුවරුවයි මේ. 

 තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ – gettyimages.com

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 220/9 (47.4), (මෙන්ඩිස්- 36, ශානක- 34, කමින්ස්- 35/4, මැක්ස්වෙල්- 35/2, කුනමන්- 48/2)

ඕස්ට්‍රේලියාව- 189/10 (37.1), (වෝනර්- 37, මැක්ස්වෙල්- 30, චාමික- 47/3, චමීර- 19/2, දුනිත්- 25/2)

ශ්‍රී ලංකාවට ලකුණු 26ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව)

තරගයේ වීරයා- චාමික කරුණාරත්න

පන්දුවෙන් දස්කම් දැක්වූ චාමික කරුණාරත්න – gettyimages.com

 

දෙවන එක්දින තරගය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති තෙවන එක්දින තරගයට ජයග්‍රාහී මානසිකත්වයකින් අවතීර්ණ වුණා.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගෙන පන්දුවට මුලින් ම පහර දුන් ඕස්ට්‍රේලියානුවන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 291ක් රැස් කළා. එහි දී දක්ෂ පිතිහරඹයක නිරත වුණු ට්‍රැවිස් හෙඩ් පන්දු 65කින් නොදැවී ලකුණු 70ක් ලබා ගත්තා. 

පිත්තෙන් දස්කම් දැක්වූ හෙඩ් – gettyimages.com

 

 ලකුණු 292ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් විශිෂ්ට පිතිහරඹයක නිරත වුණා.

එහි දී ඔවුන් දෙදෙනා අතර දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 170ක දැවැන්ත සබඳතාවක් ගොඩ නැඟුණා. ලකුණු 87ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වීම නිසා එම වටිනා සබඳතාව අතරමඟ නතර වුණා.

නිස්සංක සහ මෙන්ඩිස් පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

මෙන්ඩිස් පිටියෙන් ඉවත්වීමෙන් පසු සුපිරි පිතිකරණයක නිරත වුණු පැතුම් නිස්සංක හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් පන්දු 147කින් ලකුණු 137ක් ලබා ගනිමින් සිය මංගල එක්දින ශතකය ලබා ගත්තා.

එය එදා මෙදාතුර ශ්‍රී ලංකා පිතිකරුවෙක් එක්දින තරගයක දී ඕස්ට්‍රේලියාවට එරෙහි ව ලබාගත් වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙසින් එය සටහන් වුණා. එහි දී ඔහු අතින් බිඳ වැටුණේ සනත් ජයසූරිය 2003 වසරේ සිඩ්නි පිටියේ පැවති තරගයක දී පන්දු 105කින් ලකුණු 122ක් ලබා තබා තිබුණු වාර්තාව යි. 

ජයසූරිය සිඩ්නි පිටියේ දී ක්‍රීඩා කළ සුපිරි ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

 නිස්සංකගේ පිත්තෙන් වාර්තා වුණු සුපිරි ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.3ක් තුළ කඩුලු 4ක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියානුවන් හමුවේ එක්දින තරගයක දී සිදු කළ හොඳ ම ලකුණු හඹා යාම ලෙසින් එය ඉතිහාසගත වුණා.

එහි දී ඔවුන් අභිබවා ගියේ 2012 CB තුන්කොන් තරගාවලිය යටතේ හෝබාර්ට් හි දී පැවති තරගයක දී ලකුණු 281ක ඉලක්කයක් හඹා ගොස් තබා තිබුණු වාර්තාව යි. ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි වුණු තෙවන එක්දින තරගයේ කෙටි ලකුණු පුවරුවයි මේ.  

කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියාව- 291/6, (හෙඩ්- 70*, ෆින්ච්- 62, කේරි- 49, වැන්ඩසේ- 49/3, ධනංජය- 35/1)

ශ්‍රී ලංකාව- 292/4 (48.3), (නිස්සංක- 137, මෙන්ඩිස්- 87*, ධනංජය- 25, රිචඩ්සන්- 39/2)

ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් 

තරගයේ වීරයා- පැතුම් නිස්සංක 

 පැතුම් සිය මංගල එක්දින ශතකය ලබා ගත් මොහොත – gettyimages.com

 

එංගලන්තය එක්දින වාර්තා පොත් අලුත් කරයි 

තරග 3කින් සමන්විත එංගලන්ත-නෙදර්ලන්ත එක්දින තරගාවලිය ඇම්ස්ටල්වීන් හි දී පසුගිය සිකුරාදා ආරම්භ වුණා. එම තරගාවලිය යටතේ පැවති පළමු එක්දින තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් ප්‍රබල එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 498ක් ලබා ගත්තා.

එය එදා මෙදාතුර යම් කණ්ඩායමක් එක්දින තරගයක දී ලබාගත් ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. මේ එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කණ්ඩායමක් වැඩි ම ලකුණු ලබාගත් අවස්ථා 5 යි.

1). 498/4- එංගලන්තය- නෙදර්ලන්තයට එරෙහිව 2022 දී 

2). 481/6- එංගලන්තය- ඕස්ට්‍රේලියාවට එරෙහිව 2018 දී 

3). 444/3- එංගලන්තය- පාකිස්තානයට එරෙහිව 2016 දී 

4). 443/9- ශ්‍රී ලංකාව- නෙදර්ලන්තයට එරෙහිව 2006 දී 

5). 439/2- දකුණු අප්‍රිකාව- බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2015 දී 

එංගලන්ත පිතිකරුවන් දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

එම ඉනිමේ දී විශිෂ්ට පිතිහරඹයක නිරත වුණු ජෝස් බට්ලර් හයේ පහර 14ක් සමඟින් පන්දු 70ක දී නොදැවී ලකුණු 162ක් ලබා ගත්තා. ඊට අමතර ව ඩේවිඩ් මලාන් සහ පිල් සෝල්ට් පිළිවෙළින් ලකුණු 125ක් සහ 122ක් රැස් කළා.

ඔවුන් තිදෙනාට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ ලියාම් ලිවිංග්ස්ටන් දැවැන්ත හයේ පහර 6ක් සමඟින් පන්දු 22කදී නොදැවී ලකුණු 66ක් ලබා ගත්තා. එහි දී ලිවිංස්ටන් පන්දු 17කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජෝස් බට්ලර් – gettyimages.com

 

එංගලන්ත පිතිකරුවන් ඉනිමේ අවසන් පන්දු වාර 10 දී ලකුණු 164ක් ලබා ගත්තා. එය ලෝක ක්‍රිකට් තරග ඉතිහාසයේ යම් කණ්ඩායමක් එක්දින තරගයක අවසන් පන්දුවාර 10ක දී ලබා ගත් වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙස එය වාර්තා අතරට එක් වුණා.

එහි දී ඔවුන් අතින් බිඳ වැටුණේ 2015 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව අවසන් පන්දු වාර 10 දී ලබා ගත් ලකුණු 163ක වාර්තාව යි. 

2015 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකා-කොදෙව් තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

මෙම දැවැන්ත ලකුණු 498 ලබා ගැනීමේ දී එංගලන්ත පිතිකරුවන් හයේ පහර 26ක් එල්ල කළා. එක්දින තරගයක දී යම් කණ්ඩායමක් එල්ල කළ වැඩි ම හයේ පහර ප්‍රමාණය ලෙසින් එය වාර්තා අතරට එක් වුණා. ඊට පෙර එහි වාර්තාව හිමි කර ගෙන සිටියේ ද එංගලන්ත කණ්ඩායම යි. ඔවුන් 2019 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානයට එරෙහි ව පැවති තරගයක දී හයේ පහර 25ක් එල්ල කර තිබුණා. 

ඉන්දු-දකුණු අප්‍රිකා 20/20 තරගාවලිය අවසන් 

තරග 5කින් සමන්විත වුණු ඉන්දු-දකුණු අප්‍රිකා 20/20 තරගාවලිය පසුගිය ඉරිදා නිමාව දුටුවා. ඒ යටතේ පැවති පස්වන සහ අවසාන 20/20 තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තීරණයක් රහිත ව එය අවසන් වුණා. එනිසා තරගාවලියේ අවසන් ප්‍රතිඵලය තරග 2-2 ලෙසින් සටහන් වුණා. එම තරගාවලිය යටතේ ගෙවුණු සතියේ පැවති 20/20 තරග තුනේ ප්‍රතිඵලයි මේ.

 තෙවන 20/20 තරගය 

ඉන්දියාව- 179/5 (20), (ගයික්වාඩ්- 57, කිශාන්- 54, හාර්ඩික්- 31*, ප්‍රිටෝරියස්- 29/2)

දකුණු අප්‍රිකාව- 131/10 (19.1), (ක්ලාසන්- 29, හර්ෂාල්- 25/4, චහාල්- 20/3)

ඉන්දියාවට ලකුණු 48ක ජයක් 

තරගයේ වීරයා- යුස්වේන්ද්‍ර චහාල් 

හර්ෂාල් පටෙල් – gettyimages.com

 

සිව්වන 20/20 තරගය 

ඉන්දියාව- 169/6 (20), (කාර්තික්- 55, හාර්ඩික්- 46, එන්ගිඩි- 20/2)

දකුණු අප්‍රිකාව- 87/10 (19.1), (ඩූසන්- 20, ආවේශ්- 18/4, චහාල්- 21/2)

ඉන්දියාවට ලකුණු 82ක ජයක්

තරගයේ වීරයා- දිනේෂ් කාර්තික්  

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් කාර්තික් – gettyimages.com

 

පස්වන 20/20 තරගය 

ඉන්දියාව- 28/2 (3.3), (කිශාන්- 15, එන්ගිඩි- 6/2)

තරගය තීරණයක් රහිතව අවසන් වුණා 

තරගාවලියේ වීරයා- බුවනේෂ්වර් කුමාර් 

 කණ්ඩායම් දෙකේ නායකයන් කුසලානය සමඟ – gettyimages.com

කවරයේ ඡායාරූපය- ඕස්ට්‍රේලියාවට එරෙහි ව ශතකයක් ලබා ගත් පැතුම් නිස්සංක - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

cricbuzz.com   

Related Articles