Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සාර්ථක පිවිසුමක් සමඟ IPL ඇරඹූ මතීෂ පතිරණ

2022 IPL තරගාවලියේ මූලික වටයේ අවසන් අදියරේ තරග මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම් අතර පැවති තරගයක දී  ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණට IPL තරග වරම් ලැබුණා. එම තරගයේ දී දස්කම් අතරට පිවිසි මතීෂ කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

එලෙස IPL තරග බිමේ දස්කම් දැක්වූ මතීෂගේ පන්දු යැවීමේ ඉරියව්ව හිටපු ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට බොහෝ සෙයින් සමාන යි. එනිසා ඔහු බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත්තා. 

මතීෂ පතිරණ – dnaindia.com

 

එලෙස මතීෂ  IPL තරග බිමේ දී පෑ දස්කම්වල තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන්  ඇසුණු සුවිශේෂී පුවත් කිහිපයක් පිළිබඳ තොරතුරුයි මේ. 

මතීෂ පතිරණ IPL පිටියේ දස්කම් දක්වයි 

මෙවර IPL තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6 දෙනෙක් සහභාගි වුණා. ඒ අතුරින් මතීෂ පතිරණට IPL තරග වරම් හිමි වුණේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේගපන්දු යවන්නෙක් වන ඇඩම් මිල්න් ආබාධකට ලක්වීම නිසා යි. එසේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එක් වුණු මතීෂ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහි ව සිය මංගල  IPL තරගය ක්‍රීඩා කළා. එම තරගයේ දී පන්දුවාර 3.1ක් ක්‍රියාත්මක කළ මතීෂ ලකුණු 24ක් ප්‍රතිවාදීන්ට ලබා දී කඩුලු 2ක් බිඳ දැමුවා. එහි දී ඔහු සිය IPL තරග දිවියේ යැවූ මුල් ම පන්දුවෙන් ශුබ්මන් ගිල්ගේ කඩුල්ල බිඳ දැමීම අමතක නොවන සිදුවීමක් වුණා.

මතීෂගේ පන්දුවක් හමුවේ ගිල් දැවීගිය අවස්ථාව – cricshots.com

 

ඉන් නොනැවතුණු මතීෂ ගුජරාට් ටයිටන්ස් නායක හාර්ඩික් පාණ්ඩ්‍යාගේ කඩුල්ල ද දවා ගත්තා. 19 හැවිරිදි වියේ පසුවන මෙම දක්ෂ වේගපන්දු යවන්නා තවමත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩා කර නැහැ. එවැනි පසුබිමක ඔහුට IPL තරග වරම් හිමිවීම ගැන බොහෝ දෙනකුගේ අවධානය යොමු වූ කරුණක් වුණා. මතීෂ පතිරණ හොඳ හැකියාවක් තිබෙන යොවුන් වේගපන්දු යවන්නෙක්. මෙම පන්දු යවන්නා නිසි ලෙස කළමනාකරණය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සතු වගකීමක්. 

IPL තරග  බිමේ තොරතුරු 

IPL තරගාවලියේ මූලික වටයේ තරග 8ක් පසුගිය සතියේ දී ක්‍රියාත්මක වුණා. එහි දී කොල්කටා නයිට් රයිඩර්ස් සහ ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම් ද්විත්වය ජයග්‍රහණ 2ක බැගින් වාර්තා කළා. පහතින් දක්වා තිබෙන්නේ ගෙවුණු සතියේ පැවති IPL තරගවල ප්‍රතිඵල විසඳුණු ආකාරය යි. 

1). 56 වන තරගය- කොල්කටා නයිට් රයිඩර්ස්  සහ මුම්බායි ඉන්දියන්ස් – කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලකුණු 52ක ජයක් 

2). 57 වන තරගය- ගුජරාට් ටයිටන්ස් සහ ලක්නව් සුපර්ජයන්ට්ස්- ගුජරාට් ටයිටන්ස්  කණ්ඩායමට ලකුණු 62ක ජයක් 

3). 58 වන තරගය- දිල්ලි කැපිටල්ස් සහ රාජස්තාන් රෝයල්ස් – දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 8ක ජයක් 

4). 59 වන තරගය- මුම්බායි ඉන්දියන්ස්  සහ චෙන්නායි සුපර් කිංග්ස්- මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්  

5). 60 වන තරගය- පංජාබ් කිංග්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්- පංජාබ් කිංග්ස් කණ්ඩායමට ලකුණු 54ක ජයක් 

6). 61 වන තරගය- කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද්- කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලකුණු 54ක ජයක් 

7). 62 වන තරගය- ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් – ගුජරාට් ටයිටන්ස්    කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

8). 63 වන තරගය- රාජස්තාන් රෝයල්ස්  සහ ලක්නව් සුපර්ජයන්ට්ස්- රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට ලකුණු 24ක ජයක් 

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම – crictrackers.com

 

2022 IPL තරගාවලියේ මුල් තරග 63 අවසන් වෙද්දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ජෝස් බට්ලර් සහ යුස්වේන්ද්‍ර චහාල් තවදුරටත් තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා සහ කඩුලු ලාභියා ලෙසින් වැජඹෙනවා. පහතින් දක්වා තිබෙන්නේ මේ වන විට තරගාවලිය තුළ වැඩිම කඩුලු සහ ලකුණු ලබාගෙන සිටින ක්‍රීඩකයන් පිළිබඳ ව යි. 

වැඩි ම ලකුණු ලාභියෝ 

1). ජෝස් බට්ලර් (රාජස්තාන් රෝයල්ස්)- ලකුණු 627 (ඉනිම්- 13)

2). ලෝකේෂ් රාහුල් (ලක්නව් සුපර් ජයන්ට්ස්)- ලකුණු 469 (ඉනිම්- 13)

3). ඩේවිඩ් වෝනර් (දිල්ලි කැපිටල්ස්)- ලකුණු 427 (ඉනිම්- 10)

ඩේවිඩ් වෝනර් (cricket.com.au)

 වැඩි ම කඩුලු ලාභීහු 

1). යුස්වේන්ද්‍ර චහාල් (රාජස්තාන් රෝයල්ස්)- කඩුලු 24 (ඉනිම්- 13)

2). වනිඳු හසරංග (රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්)- කඩුලු 23 (ඉනිම්- 13)

3). කගීසෝ රබාඩා (පංජාබ් කිංග්ස්)- කඩුලු 21 (ඉනිම්- 11) 

වනිඳු හසරංග – facebook.com

 

තරගාවලියේ ලකුණු සටහන 

2022 IPL තරගාවලියේ මූලික වටයේ 63 වන තරගය අවසන් වෙද්දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. පහතින් දක්වා තිබෙන්නේ ගෙවුණු සතිය නිමා වෙද්දී එක් එක් කණ්ඩායම ලකුණු ලබා ගෙන සිටි ආකාරය යි.

1). ගුජරාට් ටයිටන්ස්- ලකුණු 20 (තරග- 13)

2). රාජස්තාන් රෝයල්ස්- ලකුණු 16 (තරග- 13)

3). ලක්නව් සුපර් ජයන්ට්ස්- ලකුණු 16 (තරග- 13)

4). රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්- ලකුණු 14 (තරග- 13) 

5). දිල්ලි කැපිටල්ස්- ලකුණු 12 (තරග- 12)

6). කොල්කටා නයිට් රයිඩර්ස්- ලකුණු 12 (තරග- 13)

7). පංජාබ් කිංග්ස්- ලකුණු 12 (තරග- 12)

8) සන්රයිසස් හයිද්‍රාබාද්- ලකුණු 10 (තරග- 12)

9). චෙන්නායි සුපර් කිංග්ස්- ලකුණු 8 (තරග- 13)

10). මුම්බායි ඉන්දියන්ස්- ලකුණු 6 (තරග- 12)

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම – indianexpress.com

 

ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ඇරඹෙයි

2021-2023 ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය චිතගොං හිදී ආරම්භ වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගෙන පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 397කට සීමා වුණා. එහි දී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වුණු ඇන්ජලෝ මැතිව්ස් ද්විත්ව ශතකය පෙනි පෙනී ලකුණු 199කට දැවී ගියා. එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 12 වන ශතකය ලෙසින් සටහන් වුණා. ඒ වාගේම බංග්ලාදේශයට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් ශතකය බවට පත් වුණා. නොදැවී ක්‍රීඩා කරමින් සිටි විශ්ව ප්‍රනාන්දු ලකුණු 17ක් ලබා ගත්තා.

පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ ක්‍රීඩකයින් එක් කඩුල්ලක් දැවී ලකුණු 76ක් රැස්කරගෙන සිටියා.

මැතිව්ස් ශතකය වාර්තා කළ අවස්ථාව- gettyimages.com

 

ඒ අයුරින් මැතිව්ස් ගොඩනැඟූ ඉනිමට අනගි සහායක් ලබා දුන් කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් රැස් කළා. මැතිව්ස් සහ මෙන්ඩිස් තෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ ලකුණු 92ක සබඳතාව එම ඉනිමේ වාර්තා වුණු හොඳම සබඳතාව ලෙසින් සටහන් වුණා. තරගයේ කෙටි ලකුණු පුවරුව පහතින් දක්වා තිබෙනවා.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 397/10 (153)

ඇන්ජලෝ මැතිව්ස්- 199 (397)
දිනේෂ් චන්දිමාල්- 66 (148)
කුසල් මෙන්ඩිස්- 54 (131)

නයීම් හසන්- 105/6 (30)
ශකීබ් අල් හසන්- 60/3 (39)

බංග්ලාදේශ පළමු ඉනිම- 76/0 (19)

හසන් ජෝයි- 31* (66)
ටමීම් ඉක්බාල්- 35 (52)

යුපුන් අබේකෝන්ට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක් 

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂත ම කෙටි දුර ධාවන ශූරයකු වන යුපුන් අබේකෝන් පසුගිය සතියේ දී තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ ඉතාලියේ පැවැත්වුණු Nissolino Roma Sprint Festival තරගාවලියේ දී යි. එම තරගාවලිය යටතේ පැවැත්වුණු පිරිමි මීටර් 150 ඉසව්ව සඳහා සහභාගි වුණු යුපුන් තත්පර 15.37ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගත්තා. යුපුන් මෙම තරග ඉසව්වේ ආසියානු වාර්තාවට ද හිමිකම් කියනවා. පසුගිය මාසයේ පැවැත්වුණු  තරගාවලියක දී මීටර් 150 ඉසව්ව තත්පර 15.16ක කාලයකින් නිම කරමින් ඔහු එම වාර්තාව බිහි කළා.

යුපුන් අබේකෝන් – srilankafoundation.org

 

FairBreak ආරාධිත කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය

FairBreak ආරාධිත 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලිය ඩුබායි හි දී පසුගිය දිනවල පැවැත්වුණා. එම තරගාවලියේ අවසන් තරගය ටෝර්නඩෝස් සහ ෆැල්කන්ස් යන කණ්ඩායම් අතර පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 8ක ජයක් හිමි කර ගත් ටෝර්නඩෝස් කණ්ඩායමට  ශූරතාව හිමි වුණා. මේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

කෙටි ලකුණු පුවරුව 

ෆැල්කන්ස්- 151/4 (20)

මැරිසේන් කැප්- 67 * (37)

මාර්කෝ හිල්- 30* (34) 

චනිඩා සුටිරුවාන්ග්- 19/2 (3)

ටෝර්නඩෝස්- 152/2 (19.1)

සොෆී ඩේවින්- 51 (35)

ස්ටෙරා කලිස්- 44 (41)

ස්ටෙෆනි ටේලර්- 34* (30)

සෝර්නරීන් ටිපොක්- 30/1 (4) 

ඒ අයුරින් නිමාවට පත් වුණු තරගාවලියේ වැඩි ම ලකුණු ලාභිනිය බවට පත් වුණු චමරි අතපත්තු ඉනිම් 7ක දී පන්දුවට පහරදෙමින් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 313ක් ලබා ගත්තා. 

චමරි අතපත්තු තරගාවලියේ දස්කම් දක්වමින් – espncricinfo.com

කවරයේ ඡායාරූපය - මතීෂ පතිරණ පන්දුවෙන් දස්කම් දක්වමින්  - cricwire.com 

මුලාශ්‍ර:

espncricinfo.com

howstat.com

iplt20.com

Related Articles