වෙසක් කාලෙට මතක් වෙන අපූරු මලක් අපට තිබෙනවා. ඒ තමයි වෙසක් උඩවැඩියා. මේ මලේ සුවිශේෂීත්වය වන්නේ වෙසක් මාසයට පිපී මාසයක් යනතුරුම මල පර නොවී තිබීම යි. මල් පිපීම ආරම්භ වන්නේ අප්‍රෙල් මාසයේ වුවත්, වෙසක් මාසයේ මල් පිපීම වැඩිවෙනවා. මේ මලේ සුගන්ධය අපට දැනෙනවා. පරිසර තත්ත්වයේ සුවදායීබව මත පෙබරවාරි, මාර්තු, ජුනි, අගෝස්තු සැප්තැම්බර් යන මාසවල ද සමහර අවස්ථාවල දී මල් පිපීම සිදුවෙනවා. වෙසක් කාලෙට පන්සල් යනකොට වෙසක් මල් අරන් යන්න සබරගමුවේ ගම්වානවල උපාසක උපාසිකාවන් කලකට ඉස්සර පුරුදුව සිටියා. ඒත් අද නම් මේ මල් වඳ වී යන ශාක ගොන්නට අයත් වෙලා.