රටවල් 28කින් සමන්විත යුරෝපා සංගමය ලෝකයේ විශාලම කලාපීය සංවිධානයක් ලෙස හැඳින්විය හැකිය. එසේම එය ලෝක ආර්ථික හා වෙළඳ කටයුතුවලින් සැලකිය යුතු ප්‍රතිශතයකට හිමිකම් කියන්නාක් මෙන්ම, ලෝක පර්යාය, නැතිනම් ලෝකයේ දිශානතිය, පිළිබඳ විසල් බලපෑමක් කළ හැකි සංවිධානයක් ලෙසත් සැලකිය හැකියි. ලොව ප්‍රමුඛ පෙලේ ආර්ථික ශක්තීන්ගෙන් හා මිලිටරි බලයකින් හෙබි රටවල් ගණනාවකින් සැදුණු යුරෝපා සංගමයෙන් ඉවත්වීමට මහා බ්‍රිතාන්‍යය මෑතක දී කටයුතු කළ අතර, එම ක්‍රියාවලිය කෙටියෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් (Brexit) යනුවෙන් හැඳින්වේ.