මහා මැතිවරණය සමගින් කරළියට එන ජාතික ලැයිස්තුව
2020 මහා මැතිවරණය ආරම්භ වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණ යි. මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් පුරා පවතින මැතිවරණ සටනින් පසුව අපේක්ෂකයන් 196 දෙනෙකු දිස්ත්‍රික් පදනම යටතේ පාර්ලිමේන්තු වරම් ලැබීමට නියමිත යි. ඉතිරි මන්ත්‍රීවරුන් 29 දෙනාට පාර්ලිමේන්තු වරම් ලැබෙන්නේ ජාතික ලැයිස්තුව මඟින්. 2015 මහා මැතිවරණය අවසන් වීමත් සමගින් ජාතික ලැයිස්තුව යන වචනය කරළියට පැමිණියේ ඒ හරහා පරාජිත මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු වරම් ලැබුණු නිසා යි.