ශ්‍රී ලංකාව සිය විදේශ විනිමය උපයා ගැනීම සඳහා කෘෂිකාර්මික, කාර්මික, හා ඛණිජ අපනයන භාණ්ඩ වර්ග කිහිපයක් ප්‍රධාන අපනයනික ගමනාන්ත කරා යවනු ලබනවා. මෙවර නිකුත් වූ මහ බැංකු වාර්තාවට අනුව 2018 වසරට සාපේක්ෂව 2019 වසරේ භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ ගොස් ඇති බව අපට නිරීක්ෂණය කළ හැකි යි.
ඉතින් මේ ලිපිය ලියවෙන්නේ 2018 වසරට සාපේක්ෂව 2019 වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන පිළිබඳව හා ප්‍රධාන අපනයනික අන්ත පිළිබඳව යි.