Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මුල්වරට 5G ගෙන එන Moto Z3 දුරකථනය

4G LTE දුරකථනවල යුගාන්තය එළඹ ඇති බව අඟවමින් ලබන වසරේ මුල් භාගයේ දී කරළියට එන්නට නියමිත Moto Z3 ස්මාර්ට් දුරකථනය මාධ්‍ය වෙත පසුගිය දා හඳුන්වා දුන්නා. මෙය සතුව 5G සඳහා සහයක් නොමැති, මඳක් පැරණි ප්‍රොසෙසරයක් වන Snapdragon 835 අඩංගු කර තිබිය දී එය ලොව ප්‍රථම 5G දුරකථනයයැ යි නම් කිරීම සාධාරණ නොවෙන්න පුළුවන්. එහෙත් මේ වසරේ දී එහි LTE මාදිලිය වෙළඳපොළට පැමිණෙනවා.

article

වීඩියෝ ක්‍රීඩා සැබෑ ලෝකයේ ප්‍රචණ්ඩත්වයට හේතු වෙනවාද?

ශ්‍රී ලංකාවේ කලින්කලට සංවාදයන් ඇති වීම ඉස්සර ඉඳන්ම සිදු වුණු දෙයක්. හැබැයි දැන් අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යවල දියුණුව නිසා විවිධ සංවාද ඉතාම වේගයෙන් පැතිරී යන්නත්, දින කිහිපයක් ඇතුළත ඒක වෙනුවට අලුත් මාතෘකාවක් ඇවිත් කලින් එක යටපත් වෙලා යන්නත් පටන් අරන්. මේ වගේ සතියෙන් සතියට මාරු වෙන විවිධ මාතෘකා ගැන හැමෝම අදහස්, යෝජනා, ප්‍රති උත්තර ලබා දීම වගේ දේවල්වලට අපේ රටේ සමාජ මාධ්‍ය භාවිතයේ සැලකිය යුතු ඉඩකඩක් වෙන් වන බව දකින්න පුළුවන්.

article

මුහුදේ ගිල්වපු Microsoft Data Centres

පරිගණකයක් වතුරේ ගිල්වනවා කියන එක ඒ තරම් යහපත් වැඩක් නම් නෙමේ. නමුත් ලෝකයේ ප්‍රධානතම මෘදුකාංග සමාගමක් වන Microsoft ආයතනය තමන්ගේ Data Center එකක් මුහුදේ ගිල්වීම පසුගිය ජූනි මාසයේ දී සිදු කළා. එයින් Microsoft ආයතනය බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ගොඩබිම තියෙන Data Center එකකට වඩා මුහුදේ තියෙන එකේ වාසි මොනවද? කියවලාම බලමු.

article

ග්‍රීක දෙවිවරුන්ගේ නාමයන්ගෙන් නම් කෙරුණු මූලද්‍රව්‍යය සහ තවත් කතා

පෘථිවියේ පවතින සියලුම සංඝටක මූලද්‍රව්‍ය එකක් හෝ කිහිපයක සුසංයෝගයකින් සෑදී තිබෙනවා. මිනිසා සම්භවය වූ කාලයේ පටන්ම ස්වභාවයේ පැවති සංඝටක සිය භුක්තිය සඳහා යොදාගත් ඔවුන් කාලයාගේ අවෑමෙන් ඒවා මූලද්‍රව්‍යවලින් තැනී ඇති බව හඳුනාගත් අතර විද්‍යාවේ මහිමයෙන් ඒවා එකිනෙක වෙන්කොට හඳුනාගන්නටත් එළඹුණා. රුසියානු ජාතික දිමිත්‍රි මෙන්ඩලිෆ් විසින් අනුපිළිවෙලින් කාණ්ඩ කරමින් වර්තමාන ආවර්තිතා වගුව නිර්මාණය කළේ ඒ එක් එක් මූලද්‍රව්‍යවල පොදු ගුණ හා තවත් රසායනික හා භෞතික ගුණ රාශියක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව යි. මෙමඟින් ඒ වන විට හඳුනාගෙන තිබුණු මූලද්‍රව්‍යවල ගුණ පිළිබඳ පුරෝකථනය කිරීම හා අනාගතයේ නව මූලද්‍රව්‍ය හඳුනාගැනීමේ පහසුව ඇතුළු ප්‍රයෝජන රාශියක් විද්‍යාඥයින්ට ලැබුණා.

article

රට රටවල දරුවන්ට නම් තබන අපූරු විධි ක්‍රම 4ක්

අළුත උපන් බිළිඳෙකුට නම් තැබීමේ දී ශ්‍රී ලංකාව තුළ බොහෝ විට දකින්නට ලැබෙන්නේ දරුවාගේ පියාගේ පෙළපත් නාමය, දරුවාට යොදන නමට හෝ නම් දෙකට ඉදිරියෙනුත්, වාසගම පසුපසිනුත් (උදා- පියා ලොකුගේ පියසිරි දිසානායක, පුත්‍රයා ලොකුගේ කවිඳු දිසානායක) යෙදෙන පරිදි නාමකරණය සිදු කිරීමේ ක්‍රමය යි. එමෙන්ම දමිළ ජාතිකයින් සිය පියාගේ නාමය දරුවන්ගේ නාමයට ඉදිරියෙන් යෙදෙන පරිදි නාමකරණය සිදු කරනවා (උදා – පියා ආරුමුගම් සෙල්වදොරේ, පුත්‍රයා සෙල්වදොරේ මුරලි). කෙසේ නමුත් ලොව පුරා විවිධ ජාතීන් සිය බිළිඳුන්ට නම් තැබීමේ දී මීට වඩ වෙනස් වූ ක්‍රමයන් රාශියක් අනුගමනය කරනවා. ඒවායින් සමහරක් අපූරු යි. පසුගිය ලෝක කුසලානයට සහභාගී වූ අයිස්ලන්ත පාපන්දු කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින්ගේ වාසගම් ‘..son’ යනුවෙන් අවසන් වී තිබෙනු පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත් වූවා ඔබට මතක ඇති. එය හුදු අහම්බයක් නොවේ. අයිස්ලන්තයේ පවතින නාමකරණ සම්ප්‍රදාය නිසා ප්‍රතිඵල වූවක්. එය ද ඇතුළු ලොව විවිධ ජනයා සිය දරුවන්ට නම් තබන අපූර්ව ආකාර කිහිපයක් පිළිබඳව මේ ලිපිය ඔස්සේ දැනුවත් වෙමු.

article

සමාජය ප්‍රශ්න කළ​ කාමෝද්දීපන ප්‍රකාශන​

කාමෝද්දීපන ප්‍රකාශන යනුවෙන් යමක් යුරෝපීය, විශේෂයෙන්ම ඉංග්‍රීසි ජන සමාජය තුළ අර්ථ දැක්වීම සිදු වුණ ආකාරය අප මින් පෙර ලිපියක් මඟින් සාකච්ඡා කළා. නමුත් කාමෝද්දීපන ප්‍රකාශනයන්ට ඊට වඩා ඉතා දිගු ඉතිහාසයක් තිබෙනවා. මේවා පොදු මහජනතාව අතරට පැතිරීම නොවන තාක් කල් යුරෝපීය පාලකයන්ට එය ගැටළුවක් වූයේ නැහැ.

article

නාවිකයන් වෙනුවෙන් ගී ගැයූ දියකිඳුරියෝ

සියවස් ගණනාවක් මුළුල්ලේ මිනිසාට ළං විය නොහැකි මානයක රැඳෙමින් රහස් ගොන්නක් සඟවා ගෙන සිටි මහ සයුර, මුහුදු සර්පයින් සහ දියකිඳුරියන් වැනි මායාකාරී සතුන් රැසකට නවාතැන් සැපයූ බව යි පුරාණ මිනිසුන්ගේ විශ්වාසය වුණේ. ජනප්‍රවාදයේ සඳහන් වන ආකාරයට අඩක් මනුෂ්‍යයෙකුගේ සහ අඩක් මත්ස්‍යයෙකුගේ ස්වරූපය ගන්නා දියකිඳුරියන්, කාලාන්තරයක් තිස්සේ මිනිස් පරිකල්පනය තමන්ගේ ග්‍රහණයට නතු කරගෙන සිටි බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි.

article

නීතිවිරෝධී කටයුතු සම්බන්ධව නිතර කියැවෙන, “හඳුනාගැනීමේ පෙරට්ටුව”

ඇතැම් විට අධිකරණ කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී පුද්ගල හෝ දේපළ අනන්‍යතාවය තහවුරු කරගැනීමට සිදුවන අවස්ථාවන් පවතී. යමක අනන්‍යතාව හඳුනාගැනීමට ඇඟිලි සලකුණු, අතුල් සටහන්, පතුල් සටහන්, ඩී.එන්.ඒ. සාක්ෂ්‍ය, අත් අකුරු, කටහඬ, හා දෘශ්‍ය හඳුනාගැනීම් ආදී ක්‍රම භාවිත කරන බව අධිකරණ කටයුතුවල නිරත වීමෙහි දී දැකගත හැක. විත්ති කූඩුවේ දී හා හඳුනාගැනීමේ පෙරට්ටුවක් ය‍ටතේ දී ද දෘශ්‍ය හඳුනාගැනීම සිදුකළ හැක. හඳුනාගැනීමේ පෙරට්ටුවක් වූ කලී අපරාධ නඩුවක සැකකරුව‍ෙක්ව හඳුනාගැනීමට සාක්ෂ්‍යකරුවන්ට ඉඩහසර ලබා දෙන ක්‍රමවේදයකි.

article

විවිධ eBook extension සහ ඒවායේ ඉතිහාසය

අපි නිතර දකින eBook වර්ගය PDF (.pdf) වුවත් තවත් eBook වර්ග ගණනාවක් තිබෙනවා. විවිධ කියැවුම් උපාංග සමඟ එම නිෂ්පාදන ආයතනයන්ට ම සීමාවූ format නිසා පොතක්, eBook එකක් වූවාටම එය ඕනෑම උපාංගයක කියවන්නට අවස්ථාවක් නැහැ. පොතක් මුද්‍රණය කරන්නට යන වියදමට වඩා බොහොම අඩු මිලකට eBook එකක් නිෂ්පාදනය කළ හැකි වීමත්, ඒවා විකිණීමට අන්තර්ජාල සේවාවන් බිහිව තිබීමත් නිසා රචකයන් බොහොමයක් පොත්පත් eBook ලෙස නිකුත් කිරීමට පෙළඹී තිබෙනවා. ඊට සමගාමීව බර තනි පොතක් වෙනුවට තනි ඉලෙක්ට්‍රොනික උපාංගයක පොත් මිලියන ගණනක් දමාගත් කියවන්නන් පිරිසක් ද බිහිවෙමින් පවතිනවා.

article

යකුන් හිටි යක්කුරේ ගිහින් තිබෙනවාද?

ඇසූ පමණින් කුතුහලයක් ඇතිවන යක්කුරේ පිහිටා ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොණක. විශාල කෙත් යායක් හා වනාන්තර පසුබිම් කරගත් තැනිතලාවක පිහිටි සුන්දර ගම්මානයක් වන යක්කුරේට දිඹුලාගල කන්ද රමණීය ලෙස පේනවා. මහවැලි ගඟ ගලාබසින්නේ ගමට නුදුරින්. හඳපාන් විල්ලුව නම් නිතර අලි ඇතුන් ගැවසෙන විශාල තෙත්බිම ගම ඉහත්තාවෙන් පැතිරී යන්නේ සොබා සුන්දරත්වය ඉහළ නංවමින්. ඉහළ යක්කුරේ හා පහළ යක්කුරේ නමින් ගම්මාන දෙකක් අද දක්නට පුළුවන්. නවීන නිවෙස් මෙන්ම වරිච්චි බිත්ති ගසා සැකසූ සාම්ප්‍රදායික වූ ද, ඉතා සරල වූ ද ගැමි ගෙවල් මෙහි පිහිටා තිබෙනවා. යක්කුරේට ළඟම ටවුම නුවරගල යි.

article

වික්ටෝරියානු සමාජය දෙදෙරවූ පොම්පෙයිහි කාමෝද්දීපන කලා නිර්මාණ

කාමෝද්දීපන ප්‍රකාශන, නැතහොත් පෝර්නෝග්‍රැෆි යනු කවුරුත් පාහේ අසා තිබෙන දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. විශේෂයෙන්ම අන්තර්ජාලය පැමිණීමත් සමග මෙය වැඩියෙන් ප්‍රචලිත වූ බව කිව හැකි යි. නමුත් ඇතැමුන්ට අනුව කාමෝද්දීපන ප්‍රකාශනයන්හි ඉතිහාසය ඉතා දීර්ඝ යි.

article

චීන සංස්කෘතිය විදහාපාන උත්සව කිහිපයක තතු

ලෝකයේ උත්සව අතරින් චීන සංස්කෘතික උත්සවවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔවුනටම ආවේණික වූ සංස්කෘතික වටිනාකම් අනුව එම උත්සවයන් පැවැත්වෙන අතර, ඒ සම්බන්ධ සිරිත් විරිත් ද නැවුම් ය. මෙම ලිපියෙන් චීන ජාතිකයන් මහත් හරසරින් සමරනු ලබන උත්සව කිහිපයක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කෙරේ.

article

End of Articles

No More Articles to Load