බැද්දේගම රචනා කළ ලෙනාර්ඩ් වුල්ෆ්
ලෙනාර්ඩ් සිඩ්නි වුල්ෆ් ඉංග්‍රීසි ජාතික දේශපාලන න්‍යායවාදියෙකු, ලේකඛයකු, ප්‍රකාශකයෙකු හා සිවිල් සේවකයෙකු වුණා. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය පාදක කර ගනිමින් ‘ ද විලේජ් ඉන් ද ජන්ගල්’ නැතිනම් ‘බැද්දේගම’ යන කෘතිය රචනා කළ ඔහුගේ නම ලංකික අපට ඉතාමත් හුරුපුරුදු නාමයක් වනවා.