Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාරයේ රෝදයක හුළං යාම නිසා ආණ්ඩුවක් පෙරලුණු හැටි

1960 ජූලි මහා මැතිවරණයෙන් පසුව සිරිමා බණ්ඩාරනායක රජය බලයට පත් වුණේ මන්ත්‍රී ආසන 75ක් දිනාගනිමින්. එම අවධියේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 151ක් සිටි නිසා යම් පක්ෂයකට බහුතර බලය ලබාගැනීම සඳහා මන්ත්‍රීධූර 76ක් අවශ්‍ය වුණා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සතුව මන්ත්‍රීවරුන් 75ක් පමණක් සිටි නිසා ඕනෑම අවස්ථාවක රජය පෙරළා දැමීමේ අවස්ථාව විපක්ෂයට හිමිව තිබුණා. නමුත් 1964 වසරේ දී සිරිමා බණ්ඩාරනායක රජය පෙරළා දැමුවේ එවකට සිටි ප්‍රබලම ඇමතිවරයෙකුගේ සහාය ඇතිව යි.

article

ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ “හවායි” මුද්‍රිත ඩොලර්

දෙවැනි ලෝක යුධ සමයේ ඉතා හදිසියේ නිකුත් කළ “හවායි” අකුරු මුද්‍රිත ඩොලර් නෝට්ටු, මුදල් සම්බන්ධ ඉතිහාසයේ නොමැකෙන සටහනක් ඉතුරු කළා.

article

2020 මහා මැතිවරණයේ බහුතරය කාට ද?

2020 මහා මැතිවරණය පැවැත්වෙන්නේ ලංකා දේශපාලන පිටිය උඩු යටිකුරු වී තිබෙන කාල සමයක යි. 1946 වසරේ ආරම්භ වුණු එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී තරග කරන මුල්ම මහා මැතිවරණය මෙය යි. එනිසා මෙවර මහා මැතිවරණයේ ප්‍රතිඵලය දෙස කවුරුත් උනන්දුවෙන් බලා සිටිනවා. අවසන් වරට මෙරට පැවති ජාතික මැතිවරණය බවට පත් වුණේ 2019 ජනාධිපතිවරණය යි. එම මැතිවරණයේ දී නව දේශපාලන පක්ෂයක් වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිලි බහුතරයක් ලබාගත්තා. ඒ අනුව මෙවර මහා මැතිවරණයේ දී පොදුජන පෙරමුණට 2/3ක බලයක් ලැබීමට ඉඩ ඇති බව දැනට සමාජගතව තිබෙන මතයක්.

article

අඩු ආදායම්ලාභී දරු දැරියන්ට සරණක් වන මහපොළ අරමුදල

දශක 4කට ආසන්න කාලයක සිට, මෙරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී දරු දැරියන්ගේ සුභසාධනය වෙනුවෙන් අරමුදලක් ක්‍රියාත්මක වෙනවා. දේශපාලඥ ලලිත් ඇතුලත්මුදලි ආරම්භ කළ එම අරමුදල හඳුන්වන්නේ මහපොළ අරමුදල නමින්. ඔහු එම අරමුදල ආරම්භ කළේ සිය ජීවන අත්දැකීමක් තුළින් මතු වුණු සංකල්පයකට අනුව යි. එදා සිට අද දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වුණු මහපොළ අරමුදල මඟින් අඩු ආදායම්ලාභී දරු දැරියන් රැසක් ප්‍රතිලාභ ලැබූ බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්.

article

ලාංකිකයන් අතර ඉතාමත් ජනප්‍රිය පළතුර: රඹුටන්

ලාංකිකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය පළතුරු වර්ග අතුරින් රඹුටන්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. බොහෝ දෙනෙකු රඹුටන් වාරය පැමිණ ඇති බව දැනගන්නේ මඟතොටේ දී රඹුටන් වෙළෙන්දන් සුලබව දක්නට ලැබීමෙන්. සාමාන්‍යයෙන් අප රටේ බහුලවම වගා කරන පළතුරු වර්ග කිහිපය අතරට අයත් වන රඹුටන් ශාකය බොහෝ ගෙවතුවල ද දක්නට ලැබෙනවා. ලංකාවේ දක්නට ඇති රඹුටන් ප්‍රභේදවල ඵලය ඉදුණු විට රතු, කහ, තැඹිලි/රතු, සහ තද රතු වැනි පැහැයන් ගන්නවා. එසේම ඵලයේ රසය ද රඹුටන් ප්‍රභේදය අනුව වෙනස් වනවා. මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කරන්නේ ලංකාවේ සුලභවම දක්නට ලැබෙන රඹුටන් වර්ග පිළිබඳව යි.

article

දිය යට පිහිටි කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන

ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු දිය යට කෞතුකාගාරය පසුගිය දා විවෘත කරනු ලැබීමත් සමග දිය යට කෞතුකාගාර පිළිබඳ නව කතිකාවක් ශ්‍රී ලාංකික සමාජය තුළ ඇතිවුණා. මේ ලිපියේ දැක්වෙන්නේ අපට අලුත් දෙයක් වුණත් ලෝකයට අලුත් දෙයක් නොවන දිය යට පිහිටි කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව යි.

article

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණ

1947-1977 කාල සමය තුළ අප රටේ මහා මැතිවරණ පැවැත්වුණේ සරල බහුතර නියෝජන ක්‍රමය යටතේ යි. එම නියෝජන ක්‍රමයේ තිබුණු විවිධ අඩුපාඩු නිසා 1977 වසරේ දී බලයට පත් වුණු එක්සත් ජාතික පක්ෂ රජය සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වාදුන්නා. එම නිසා 1989 වසරේ දී පැවැත්වුණු මහා මැතිවරණය ක්‍රියාත්මක වුණේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ යි. එදා සිට අද දක්වා එම නියෝජන ක්‍රමය යටතේ මහා මැතිවරණ 7ක් පවත්වා තිබෙනවා. පහත දැක්වෙන්නේ එම මහා මැතිවරණ පිළිබඳ තොරතුරු යි.

article

හිසරදයක්ව ඇති ලංකාවේ මොණර ගහණය

මොණරා ඉතාමත්ම අලංකාර පක්ෂියෙක්. මීට දශක ගණනාවකට පෙර වියළි කලාපයේ ගම්මාන ආශ්‍රිතව මොණරුන් සුලබව දක්නට ලැබුණේ නැහැ. නමුත් එම ප්‍රදේශවල කැලෑ බිම් ක්‍රමයෙන් එළි පෙහෙළි වන විට මොණරා ගම්මාන කරා නිතරම පැමිණෙන්නට වුණා. එලෙස ගම් වදින මොණරුන් ගොවියන්ගේ වගාවන් විනාශ කිරීම නිසා ගොවියන් අසරණ වීම පසුගිය කාල සමයේ දී නිතර අසන්නට ලැබුණු දෙයක්. ලංකාවේ මොණර ගහණය ක්‍රමයෙන් වැඩි වීම නිසා මෙම ප්‍රශ්නය වර්තමානය වන විට වඩාත් සංකීර්ණ තත්ත්වයකට පත්ව තිබෙනවා.

article

ඉන්දියාවේ කොරෝනා රැල්ල ඉහළ යාම ලංකාවටත් බලපායි ද?

අපගේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව තුළ මේ වන විට කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බව අපි කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. පසුගිය ජූලි 14 වැනිදා වන විට කොරෝනාවෛරසය ආසාදනය වුණු ඉන්දියානුවන් ප්‍රමාණය ලක්ෂ 9 ඉක්මවා තිබුණා. ඒ අනුව ඉන්දියාව තවමත් පවතින්නේ අකර්මණ්‍ය තත්ත්වයේ යි. ඉන්දියාව කොරෝනා වසංගතයෙන් බැට කන විට එහි බලපෑම ඉදිරියේ දී අප රටටත් දැනෙන්නට ඉඩ තිබෙනවා.

article

සමානුපාතික ඡන්ද ක්‍රමය පිළිබඳව තොරතුරු බිඳක්

1947 වසරේ දී ලංකාව තුළ මුල්ම වරට මහා මැතිවරණයක් පවත්වනු ලැබුවා. එම මහා මැතිවරණය සඳහා භාවිතා කරනු ලැබුවේ සරල බහුතර නියෝජන නියෝජන ක්‍රමය යි. 1947 වසරේ සිට 1977 වසර දක්වා අප රට තුළ පැවැත්වුණු සෑම ජාතික මැතිවරණයක්ම පැවැත්වුණේ ඉහත මැතිවරණ ක්‍රමය යටතේ යි. නමුත් සරල බහුතර නියෝජන ක්‍රමයේ තිබුණු අඩුපාඩු නිසා 1978 වසරේ සිට මෙරට ක්‍රියාත්මක වුණේ සමානුපාතික නියෝජන ක්‍රමය යි.

article

කෙමෙන් පරිහානියට යන, ලංකාවේ ලොකු ළූණු වගාව

ලාංකිකයන් ආහාර පිසීමේ දී සුලභවම භාවිතා කරන රසකාරක අතුරින් ලොකු ළූණුවලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ලාංකිකයන් බොහෝ ව්‍යාංජන වර්ග, බැදුම්, තෙල් දැමීම්, සහ වෙනත් ආහාර සෑදීම සඳහා ලොකු ළූණු බහුලව භාවිතා කරනවා. එම හේතුව නිසා, සාමාන්‍යයෙන් අප රටේ ජනයාගේ දෛනික පරිභෝජනය සඳහා සැලකිය යුතු තරම් විශාල ලොකු ළූණු තොගයක් අවශ්‍ය වෙනවා. එම අවශ්‍යතාවය සපුරාලීම සඳහා ලංකාවේ ගොවියන් සරුවටම ලොකු ළූණු වගාව සිදුකරන ආකාරය පසුගිය දශක කිහිපය තුළ දක්නට ලැබුණා. නමුත් ලංකාවේ ලොකු ළූණු වගාවට පසුගිය වසර 5ක පමණ කාලය එතරම් සුභදායී වුණේ නැහැ. විවිධ හේතුන් නිසා ක්‍රමයෙන් කඩා වැටුණු ලංකාවේ ලොකු ළූණු වගාව වර්තමානය වන විට ගැටලු රැසකට මුහුණපාමින් ඉදිරියට යනවා.

article

සුනඛයන්ට නිතර වැළඳෙන භයානක රෝග 3ක්

මිනිසාට හිතවත්ම සත්ත්වයෙකු ලෙසින් සැලකෙන සුනඛයා බොහෝ නිවෙස්වල සුරතලයට මෙන්ම ආරක්ෂාව සඳහා ද ඇතිකරනු ලබනවා. ජර්මන් ෂෙපර්ඩ්, පොමරේනියන්, ඩොබර්මන්, රිට්‍රිවර් වැනි විවිධ වර්ගයේ සුනඛයන් මෙන්ම මෙරට බල්ලන් ද සිය නිවැසියන්ගේ දැඩි ආදරය ලබමින් හැදී වැඩෙන ආකාරය සුලබවම දක්නට ලැබෙන දසුනක්. නමුත් මිනිසුන්ට සේම සුනඛයන්ටත් නිතරම ලෙඩ රෝග සෑදෙනවා. ඉන් සමහර ලෙඩ රෝග මාරාන්තික තත්ත්වයේ ඒවා ද විය හැකියි. එම නිසා මෙම ලිපිය තුළින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ සුනඛයන්ට නිතරම වැළඳෙන රෝග කිහිපයක් පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load