Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා මැතිවරණ වියදම කෝටි 1000 ඉක්මවයි ද?

ශ්‍රී ලංකාවේ 15 වැනි මහා මැතිවරණය එළඹෙන අගෝස්තු මාසයේ 5 වැනිදා පැවැත්වීමට නියමිතව යි. මේ දිනවල ලොව පුරා පැතිරෙන කොරෝනා වසංගතය නිසා මෙවර මහා මැතිවරණය පැවැත්වීමට සිදුව තිබෙන්නේ දැඩි නීති-රීති මධ්‍යයේ යි. එහිදී අනුගමනය කළ යුතු විශේෂ නීතිරීති මාලාවක් ද පසුගිය මාසයේ සෞඛ්‍යය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ලැබුවා.

article

පොල් ඉඩම්වල සිදුකරන අතුරු භෝග වගාව

ලාංකිකයන්ට ප්‍රයෝජන රැසක් ලබාදෙන ශාක අතුරින් පොල් ශාකයට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. දිගු කලක සිට ලංකාවේ ප්‍රධාන අපනයන භෝග ත්‍රිත්වය අතරට අයත්ව තිබුණු පොල් භෝගය අප රට තුළ මහා පරිමාණයෙන් වගා කරනු ලබනවා. නමුත් පසුගිය දශකය තුළ විවිධ හේතූන් නිසා ලංකාවේ පොල් වගාවෙහි යම් කඩාවැටීමක් දක්නට ලැබුණා.

article

ආබාධිතභාවය හා දරිද්‍රතාවය අතර සබඳතාව

ලෝක ජනගහනයෙන් 15%ක් (එනම්, බිලියන 1ක පමණ ජනතාවක්) යම් ආකාරයක ආබාධිත තත්ත්වයකින් පෙළෙති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව, ආබාධ සහිත ප්‍රජාවෙන් දළ වශයෙන් 2-4%ක් ජීවත් වන්නේ අවම පහසුකම් යටතේ හා සාමාන්‍ය පරිදි ජීවත් වීමේ දුෂ්කරතාවන් සමග පොර බඳිමිනි.

article

කවුරුත් දන්න විනී ද පූ (Winnie the Pooh) ගේ නොදන්න කතාව

රතු පැහැයට හුරු ටී ෂර්ට් එකකින් සැරසී ඉන්න කහ පාටට හුරු වලස් පැටියාව නොදන්නා කෙනෙක් නැති තරම්. පොත් කවර, ස්ටිකර්, බෑග්, ඇදුම් ආදී වෙළෙඳ භාණ්ඩ රැසකම විනී ද පූ සුලබව දකින්නට පුළුවන්. නමුත් අපි හැමෝම හිතනවාට වැඩිය මේ වලස් පැටියාට ගොඩක් වයස යි.

article

කොරෝනාවෙන් බැටකන ලාංකීය මැදපෙරදිග ශ්‍රමිකයන්

දශක 4ක පමණ කාලයක සිට ලාංකීය ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් මැදපෙරදිග රටවල විවිධ රැකියාවන්හි නිරත වනවා. මේ ශ්‍රමිකයන් නිසා අප රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් පසුගිය කාල සමයේ දී මැදපෙරදිග සේවයේ නිරතවන ලාංකීය ශ්‍රමිකයන් විවිධ ගැටලුවලට මුහුණදුන්නා.

article

අප්‍රිකා මහද්වීපයත් කොරෝනාවට බිලිවෙයි ද?

මේ දිනවල ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය කෝටියකට අධික පිරිසක් බිලිගෙන අවසන්. එසේම ලක්ෂ 5කට වැඩි පිරිසකට සිය ජීවිතය අහිමි කළ කොරෝනාව අවසන් වන ලකුණු තවමත් පෙනෙන්නට නැහැ. පසුගිය මාස කිහිපය තුළ, ආසියාව, යුරෝපය, උතුරු ඇමරිකාව, සහ දකුණු ඇමරිකාව යන මහද්වීපයන් පුරා කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිර ගියත් අප්‍රිකානු මහද්වීපයට එහි බලපෑම තදින් දැණුනේ නැහැ. නමුත් ගෙවුණු සති කිහිපය තුළ අප්‍රිකානු මහද්වීපයෙන් සැලකිය යුතු කොරෝනා ආසාදිතයින් පිරිසක් හමු වුණා. එම නිසා ඉදිරි මාසයේ දී අප්‍රිකාව තුළත් කොරෝනාව දරුණු ලෙස පැතිර යනු ඇති බවට අනාවැකි පල වී තිබෙනවා.

article

2019 වසරේ ශ්‍රී ලංකාවේ ආනයන හා ආනයනික රටවල්

ශ්‍රී ලංකාවේ 2019 වසරේ දී සිදු වූ ප්‍රධාන අපනයන ඒ සම්බන්ධ අපනයන ගමනාන්ත මෙන්ම, 2018 වසරට සාපේක්ෂව 2019 වසරේ කෘෂිකාර්මික හා කාර්මික අපනයනයන්ගේ සිදු වූ වෙනස්කම් පිළිබඳව මීට පෙර ඔබ වෙත ලිපියක් ගෙන ආවා.

article

ලංකාවේ කොරල්පර විනාශය සහ එහි පාරිසරික බලපෑම

ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ශ්‍රී ලංකාව මුහුදින් වට වුණු රමණීය දිවයිනක්. මනස්කාන්ත වෙරළ තීරයන් රැසක් පිහිටා තිබෙන අප රටට විදෙස් සංචාරකයින් නිරන්තරයෙන්ම පැමිණෙනවා. එලෙස පැමිණෙන සංචාරකයින් ලංකාවේ සුන්දර වෙරළ තීරයන් වෙත ගොස් විනෝදවීමට විශාල කැමැත්තක් දක්වනවා. මුහුදු වෙරළ ආශ්‍රිතව සුන්දරත්වය විඳින සංචාරකයන්ගේ නෙත ගැටෙන තවත් විශේෂ පරිසර පද්ධතියක් වන්නේ ලංකාවේ කොරල් පවුර යි. මීට දශක කිහිපයකට පෙර ලංකාව වටා පිහිටා තිබුණු සුන්දර කොරල්පර පද්ධතිය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොමඳව දිනාගත්තා. නමුත් පසුගිය කාල සමයේ දී ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා එය ක්‍රමයෙන් විනාශ වී යන ආකාරය දක්නට ලැබුණා.

article

දකුණු ඇමරිකාව තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය

චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය ටික කලකින්ම යුරෝපයටත්, ඇමරිකාවටත් දැඩි බලපෑමක් එල්ල කරනු ලැබුවා. එනිසා කොරෝනා වසංගතය හේතුවෙන් වැඩිම මරණ වාර්තා වුණු රටවල් අතරට ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය, එංගලන්තය, ස්පාඤ්ඤය, සහ ප්‍රංශය යන රටවල් එක්ව සිටිනවා. ඇමරිකාව සහ යුරෝපය කොරෝනාවෙන් බැට කෑම අරඹන විට දකුණු ඇමරිකාවට එහි බලපෑම තදින්ම දැනී තිබුණේ නැහැ. නමුත් මේ වන විට කොරෝනා වසංගතය දකුණු ඇමරිකානු කලාපය පුරා දරුණු අන්දමින් පැතිරමින් පවතිනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට එම කලාපයේ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂ 17 ඉක්මවා ගොස් තිබෙනවා.

article

ලංකාව 2030 දී ඉටුකර ගතයුතු තිරසර සංවර්ධන අභිමතාර්ථ

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මඟින් එහි සාමාජික රටවලට සාක්ෂාත් කරගැනීම සඳහා “තිරසර සංවර්ධන අභිමතාර්ථ” නමින්, තිරසර සංවර්ධනය උදෙසා ක්ෂේත්‍රයන් 17ක් ආවරණය කරමින් අභිමතාර්ථ 17ක් ලබා දී තිබෙනවා. ඒවා “තිරසර සංවර්ධන අභිමතාර්ථ 17” නමින් හඳුන්වනවා. 2015 දී හඳුන්වා දුන් මෙම අභිමතාර්ථ 17 ළඟා කරගැනීමේ කාල සීමාව ලෙස සඳහන් වී තිබෙන්නේ 2015 සිට 2030 දක්වා යි. ශ්‍රී ලංකාව ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සාමාජිකයෙකු බැවින් 2030 වන විට ශ්‍රී ලංකාව ද මෙම අභිමතාර්ථ සපුරා ගැනීමේ කටයුතුවල නිරත වෙමින් සිටිනවා.

article

End of Articles

No More Articles to Load