බුද්ධ ශාසනයට සේවයක් කළ නායක්කර් වංශික රජතුමා
1707-1739 කාල සමය තුළ මහනුවර රජකම් කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මෙරට පාලනය කළ අවසන් සිංහල රජතුමා ලෙස ඉතිහාසගත වුණා. ඔහුගෙන් පසුව මෙරට පාලනය කළ නායක්කර් වංශික රජවරුන් සිව්දෙනා අතුරින් වඩාත් කැපී පෙනුණේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා යි. ඒ, මෙරට බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කළ සේවාව නිසා යි.