දුකට පත් යුක්‍රේනය වෙනුවෙන් පෙරමුණ ගන්නා ස්වෙච්ඡා සේවකයෝ
බොහෝ රටවලින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ සාමාන්‍ය මිනිසුන් යුක්‍රේනයට පැමිණෙමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ සියල්ලන්ට ම යුදමය වශයෙන් සහයෝගය ලබා දීමට නොහැකි වුණත්, සිය වෘත්තීයමය හැකියාවෙන් හෝ යුක්‍රේනයේ විපතට පත් මිනිසුන්ට උපකාර කිරීමට එම ස්වෙච්ඡා සේවකයන් සැදී පැහැදී සිටිනවා.